
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කොස්ගොඩ ඌරගස්මන්හන්දිය සහ අහුන්ගල්ල පොලිස් වසම්වල ජනතාව භීතියට පත්කරමින් කාලයක් තිස්සේ රාත්‍රී කාලයේ නිවෙස් කොල්ලකෑම් රැසක් සිදුකළ කොල්ල කල්ලියක් මෙහෙයවූ මත්ද්‍රව්‍ය අලෙවියේද නිරතව සිටි බව කියන කාන්තාවන් දෙදෙනෙකු සහ කොල්ල කල්ලියේ සාමාජිකයන්වූ තරුණයන් දෙදෙනකු සැකපිට අත් අඩංගුවට ගත් බව කොස්ගොඩ පොලිසිය කියයි.
නෑදෑකමට නැන්දා සහ දුවක වන සැකාරියන් දෙදෙනා වයස අවුරුදු 29 හා 40 වියේ පසුවන අතර අත්අඩංගුවට ගත් අවස්ථාවේ ඔවුන් සන්තකයේ තිබී හෙරොයින් මිලිග්‍රෑම් 2410 ක් සහ අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 372 ක් ද සොයාගත් බවත්, කොල්ල කල්ලිය මුලුමනින්ම මෙහෙයවා ඇති මෙම කාන්තාවන් දෙදෙනාගේ උපදෙස් පරිදි බවත් පැවැසේ.
ඔවුන් ලබාදෙන මත්ද්‍රව්‍ය පානය කර තරුණයන් විසින් දොරවල් කඩා නිවෙස්වලට ඇතුළු වී ආයුධ පෙන්වා නිවැසියන් බියවද්දා කොල්ලකෑම් සිදුකර ඇතැයිද පොලිසිය කියයි.
මොවුන් විසින් නිවෙස් පහකින් කොල්ලකා තිබූ රුපියල් ලක්ෂ පහකට අධික වටිනාකමකින් යුත් රන් ආභරණ කිහිපයක් හා මෙම කොල්ලකෑම් සඳහා යොදාගත් කඩු, කිනිසි, උල් පිහි, කැති, යකඩ පොලු සහ මන්නා පිහි ඇතුලු ආයුධ තොගයක්ද සොයා ගැනීමට හැකිවූ බව පොලිසිය පවසයි.
කොස්ගොඩ පොලිසිය වැඩි දුර පරීක්ෂණ පවත්වයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart