
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඊශ්‍රායලය සහ සිය රට අතර පවතින ගැටුමින් ඉවත් වී සිටින ලෙස ඉරානය අමෙරිකාවට අනතුරු අගවා තිබේ.
ඒ, සිරියාවේ ඩැමස්කස් නුවර පිහිටි සිය කොන්සල් කාර්යාලයට එල්ල කළ ප්‍රහාරයට ප්‍රතිචාර ලෙස ඉරානය ඊශ්‍රායලය වෙත ඩ්‍රෝන් සහ මිසයිල ප්‍රහාරයක් දියත් කිරීමෙන් පසුවය.
එම හමුදා ක්‍රියාමාර්ගය ඩමස්කස් හි රාජ්‍ය තාන්ත්‍රික පරිශ්‍රයට එරෙහිව ඊශ්‍රායල පාලන තන්ත්‍රයේ ආක්‍රමණයට ප්‍රතිචාරයක් බව ඉරානයේ එක්සත් ජාතීන්ගේ මෙහෙයුම X පණිවිඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.
ඒ අනුව, ඊශ්‍රායල් පාලන තන්ත්‍රය තවත් වැරැද්දක් කළහොත් ඉරානයේ ප්‍රතිචාරය සැළකිව යුතු තරම් දරුණු වනු ඇති බවයි එම පණිවිඩයේ සඳහන් වේ.
එය ඉරානය සහ ඊශ්‍රායල පාලනය අතර ගැටුමක් බවත්, එම ගැටුමේදී අමෙරිකාව ඉවත්ව සිටිය යුතු බවත් ඉරානය යළි යළිත් අවධාරණය කර තිබේ.
එබැවින් කොන්සාල් කාර්යාලයට එල්ල වුඉ ප්‍රහාරයට ප්‍රතිචාර දක්වමින් සහ ඊට දඬුවම් කිරීමට ගත් ක්‍රියාමාර්ගය තවදුරටත් උත්සන්න කිරීමකට තුඩුනොදෙන පරිදි අමෙරිකාව කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තු වන බව ද ඉරානය පවසා ඇත.
එසේ වුවහොත් අර්බුදය අවසන් වනු ඇතැයි අපේක්ෂා කල හැකි බවයි ඉරානය සඳහන් කරයි.
කෙසේවෙතත් ඉරාන ප්‍රහාරයකදී ඊශ්‍රායලය තනිවනු ඇතැයි යන ඉරානයේ බලාපොරොත්තු බිඳවැටී තිබේ.
පෙන්ටගනයේ නිලධාරියකු පවසා ඇත්තේ, ඉරාන හමුදා ඊශ්‍රායලයට එල්ල කරන ඩ්‍රෝන ප්‍රහාර වළක්වාලන බවයි.
ඒ සඳහා තමන් ද සූදානම් බව බ්‍රිතාන්‍යය පවසා ඇත.
ඊශ්‍රායලය අප්‍රේල් 1 වැනිදා සිරියාවේ ඩැමස්කස් හි ඉරාන කොන්සාල් කාර්යාලයට එල්ල කළ මිසයිල ප්‍රහාරයෙන් ඉරාන විප්ලවවාදී හමුදාවේ හත්දෙනකු මියගියේය.
ඒ අතර සිටි දෙදෙනකු ඉරාන හමුදාවේ ජනරාල්වරුන් වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart