
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සුපිරි බොලිවුඩ් නළු සල්මන් ඛාන්ට අයත් මුම්බායි හි බන්ද්‍රා හි පිහිටි නිවසට වෙඩි තැබීමක් සිදුව ඇතැයි වාර්තා වෙයි.
අද උදෑසන එම වෙඩිතැබීම සිදුව ඇති බව ඉන්දීය ජනමාධ්‍ය වාර්තා කර තිබේ.
අලුයම 5ට පමණ සල්මාන් ඛාන් දිවි ගෙවන නිවස පිහිටි Galaxy Apartments නිවාස සංකීර්ණයෙන් පිටතදී අවම වශයෙන් වෙඩි ප්‍රහාර හතරක් පමණ එල්ල වී ඇතැයි සඳහන්.
ඉන්දීය ජනමාධ්‍ය පැවසුවේ යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනකු විසින් වෙඩි තැබීම සිදු කර ඇතැයි වාර්තා වන බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රාදේශීය පොලිසිය සහ අපරාධ අංශය පරීක්‍ෂණ ආරම්භ කර ඇත.
සිද්ධිය විමර්ශනය සඳහා අධිකරණ වෛද්‍ය විද්‍යා විශේෂඥයන් කණ්ඩායමක්ද එම ස්ථානයට පැමිණ තිබේ.
පසුගිය වසරේ මාර්තු මාසයේදී ද සල්මන් ඛාන්ට තර්ජනය කරමින් ඔහුගේ කාර්යාලයට ඊමේල් පණිවිඩයක් ලැබී තිබිණි.
අනතුරුව මුම්බායි පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවක් ලෙස හඳුනා ගැනුණු ලෝරන්ස් බිෂ්නෝයි සහ ගෝල්ඩි බ්‍රාර්ට යන පුද්ගලයන්ට එරෙහිව පියවර ගෙන තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart