
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කටුනායක නිදහස් වෙළෙඳ කළාපයේ සේවයේ නියුතු තරුණයකු පහර දී, සුදු පැහැති වෑන් රථයකින් පැහැරගෙන ගොස් සිටි කටුනායක ගුවන් තොටුපොළ කුළී රථ රියැදුරන් දෙදෙනකු පසුගිය (11) වැනි රාත්‍රී කටුනායක පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ විශේෂ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ .
කුරුණෑගල, මැල්සිරිපුර පදිංචි 22 හැවිරිදි මෙම තරුණයා කටුනායක නිදහස් වෙළෙඳ කළාපයේ කර්මාන්තශාලාවක සේවය කළ අයෙකි .
ඉකුත් 11 දින උදෑසන 09.30ට පමණ කටුනායක, 18 කණුව වී මෝල පාරේ හුදෙකලා ස්ථානයකට සුදු පැහැති වෑන් රථයකින් පැමිණි කටුනායක ගුවන් තොටුපොළ කුළී රථ රියැදුරුවරුන් දෙදෙනකු, මෙම තරුණයාට පහරදී, ඔවුන් පැමිණි වෑන් රථයට දමාගෙන රැගෙනගොස් තිබේ .
මේ සිදුවීම දුටු ප්‍රදේශවාසීන් පිරිසක් මේ බව කටුනායක පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයාට දැනුම් දීමෙන් පසුව, වහාම ඔවුන් එම ස්ථානයට පැමිණ තිබේ .
පසුව එම ස්ථානය අවට ආරක්ෂිත කැමරා දර්ශන පරීක්ෂා කළ පොලිස් නිලධාරීන්, එම වෑන් රථය හදුනා ගෙන, එම රථයේ පැමිණි රියැදුරන් නවාතැන් ගෙන සිටි ආඩිඅම්බලම, පීල්ලවත්ත ප්‍රදේශයේ දෙමහල් කුළී නිවස වටළා තිබේ.
එම අවස්ථාවේ පැහැරගැනීමට ලක් වූ තරුණයා පහර දී කාමරයක බැද දමා තිබූ අතර, මෙම පැහැරගැනීම සිදුකළ රියැදුරන් දෙදෙනා හෙරොයින් මත්ද්‍රව්‍ය පානය කරමින් සිටි බව පොලිසිය පවසයි.
මෙම පැහැරගැනීමේ සිදුවීමේ ප්‍රධාන සැකකරු 33 හැවිරිදි දඹුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර අනෙක් රියැදුරා 39 හැවිරිදි හෙට්ටිපොළ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි .
මොවුන් දෙදෙනා කටුනායක ගුවන් තොටුපොළ තුළ කුළී රථ ධාවන කටයුතුවල නිරත වී සිටින බවත්, ප්‍රදේශය පුරා හෙරොයින් බෙදාහැරීමේ ජාවාරමක ද නිරත වී සිටින අතර, මෙම හෙරොයින් බෙදාහැරීමේ ජාලයේ සිදු වූ සිදුවීමක් පිළිබඳව, වැරදීමකින් මෙම තරුණයා පැහැරගෙන පහර දී තිබූ බව පොලිසිය සිදුකළ මූලික විමර්ශන වලදී අනාවරණය වී තිබේ.(දිනමිණ)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart