
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කිරිමට යොදාගන්නා ලද පරිගණකයක් ද රුපියල් 500,1000 සහ 5000 නොට්ටු මුද්‍රණය කිරිමට සූදානම් කර තිබූ කඩදාසි තොගයක්ද සමග සැකකරුවකු ගාල්ල කොට්ඨාස අපරාධ විමරශණ අංශයේ නිලධාරින් විසින් අහංගමදි ඊයේ රාත්‍රි අත්අඩංගුවට ගෙන ඇත.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ පෞද්ගලික සමාගමක සේවය කරනු ලබන අහංගම ඉමදුව පාර ශ්‍රමදාන මාවත පදිංචි 47 හැවිරිදි පුද්ගලයෙකි.
ව්‍යාජ මුදල් නොට්ටුවලට අමතරව සංචාරකයන්ගේ වීසා කාලය දීරඝ කරදීම සඳහා ලබාගත් විදේශ ගමන් බලපත්‍ර 10ක්ද සැකකරු සන්තකයේ තිබී අත්අඩංගුවට ගෙන ඇත.
අධිකරණයට ඉදිරිපත් කිරිම සඳහා සැකකරු අහංගම පොලිසියට භාරදී ඇති අතර සැකකරු අද ගාල්ල මහේස්ත්‍ත්‍රාත්වරයාවෙත ඉදිරිපත් කිරිමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart