
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අයර්ලන්තයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස සිමොන් හැරිස් තේරී පත් විය.
ඒ අනුව සිමෝන් හැරිස් මෙතෙක් අයර්ලන්තයට තේරී පත්වූ එරට ලාබාලතම අග්‍රාමාත්‍යවරයා ලෙස ද වාර්තා අතරට එක් විය.
අයර්ලන්තයේ නව අග්‍රාමාත්‍යවරයා වෙත ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සුබ පැතුම් එක් කර තිබේ.
සිය X ගිණුමේ සටහනක් තබමින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසා ඇත්තේ
අයර්ලන්තයේ මෙතෙක් ලාබාලතම අගමැති වීම සම්බන්ධයෙන් සිමෝන් හැරිස් වෙත සුබ පැතුම් එක් කරන බවයි.
ප්රජාතන්ත්රවාදී වටිනාකම් පිළිබඳ හවුල් විශ්වාසය මත පදනම් වූ දෙරටේ ඓතිහාසික බැඳීම් ඉතා අගය කොට සලකන බව ද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා එහි සඳහන් කර ඇත.
ඉන්දියාව සහ අයර්ලන්ත අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා හවුල්කාරිත්වයෙන් යුතුව එක්ව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව ද එහි වැඩිදුරටත් සඳහන්.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart