
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පසුගිය වසර කිහිපය තුළ වාර්තා වූ සියදිවි නසාගැනීම් සැළකිව යුතු ප්‍රමාණයකින් ඉහළ යෑමෙන් පසුව, සිරකරුවන්ගේ මානසික යහපැවැත්ම වර්ධනය කිරීම සඳහා පවත්වනු ලබන පුනරුත්ථාපන, උපදේශන සහ අධ්‍යාත්මික වැඩසටහන් ශක්තිමත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ.
තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත යටතේ ගොනුකර ඇති අයදුම්පත්‍රයක් මගින් ලබාගත් තොරතුරුවලට අනුව 2020 වසරේ සිට මෙම වසරේ ගතවූ කාලය තුළ බන්ධනාගාර තුළදී ගෙළ වැළලාගෙන සියදිවි නසාගත් සැකකරුවන් සහ වැරදිකරුවන් 61 දෙනකු වාර්තා වී ඇති බව ඉකුත් දා ජනමාධ්‍ය මගින් අනාවරණ කෙරිණි.
එම කාලය තුළ සිරකරුවන් 631 දෙනෙකු බන්ධනාගාරය තුළදී මියගොස් ඇති බව ද වාර්තා විය.
ඔවුන්ගෙන් බහුතරයක් පිරිමි වන අතර කාන්තාවන් 18 දෙනෙකු ද ඒ අතරට අයත් වේ.
එවන් පසුබිමක බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක සහ බන්ධනාගාර කොමසාරිස් (මෙහෙයුම්/බුද්ධි) ගාමිණී බී දිසානායක ‘ඩේලි මෝර්නින්’ වෙත පවසා ඇත්තේ, දෙපාර්තමේන්තුව සෑම රැඳවියකුගේම මානසික සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවධානය යොමුකරන බවයි.
එහෙත් බන්ධනාගාරගත කරන සිරකරුවන් ගණන වැඩිවීමත් සමඟ ඇතැම් අවස්ථාවල එසේ කිරීම අපහසු බව ද ඔහු පෙන්වාදෙයි.
කෙසේවෙතත් අලුතින් ඇතුළත් වන සියලුම සිරකරුවන් පුනරුත්ථාපන වැඩසටහනකට යොමුකරන බවත්, මානසික රෝගයක් ඇති බවට හඳුනාගෙන ඇති පුද්ගලයින්ට මනෝ වෛද්‍යවරුන් සහ උපදේශකවරුන්ගෙන් උපදෙස් ලබාදෙන බවත් ඔහු සඳහන් කරයි.
පුනරුත්ථාපන හා උපදේශන වැඩසටහන්වලට අමතරව මානසික සුවතාව පවත්වා ගැනීමට උපකාර වන අධ්‍යාත්මික සහ සෞන්දර්යාත්මක ක්‍රියාකාරකම්වල නිරතවීමට සිරකරුවන් දිරිමත් කරන බවද බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.
සෑම සිරකරුවකු පිළිබඳවම හැකිතාක් නිරීක්ෂණය කිරීමට දෙපාර්තමේන්තුව උත්සාහ කරන බවත්, නොවැළැක්විය හැකි ඇතැම් පෞද්ගලික සහ මානසික ගැටලු සියදිවි නසාගැනීමට හේතුවිය හැකි බවත් ඔහු පෙන්වාදෙයි.
එමෙන්ම ඇතැම් පුද්ගලයන් සිරගත වූ පසු ඉතා කෙටි කාලයක් තුළ සියදිවි නසාගන්නා බවත් එබැවින් මෙවැනි සිද්ධීන් සම්බන්ධයෙන් කටයුතු කිරීම ඉතා අසීරු වී ඇති බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා පෙන්වාදෙයි.
එවැනි සියදිවි නසාගැනීම් වැළැක්වීම සඳහා නව ප්‍රවේශයන් සොයමින්, පවතින වැඩසටහන් ශක්තිමත් කිරීමට දෙපාර්තමේන්තුව මේ වන විට කටයුතු කරමින් සිටින බව ඔහු පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart