April 12, 2024

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් දිවයිනේ දකුණු වෙරළ තීරයේදී හෙරොයින් සහ ක්‍රිස්ටල් මෙතම්ෆෙටමින් (අයිස්) කිලෝග්‍රෑම් 200 ක් පමණ රැගෙන යමින් තිබූ බහුදින ධීවර යාත්‍රා දෙකක් අත්අඩංගුවට ගෙන තිබේ.

යාත්‍රාවල සිටි කාර්ය මණ්ඩල සාමාජිකයින් දසදෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇත.

මෙම යාත්‍රා මේ වන විට ගාලු වරාය වෙත රැගෙන යමින් පවතින අතර, ඉදිරි පරීක්ෂණ සඳහා ඒවා අදාළ බලධාරීන් වෙත භාරදීමට නියමිත බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසීය.