
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
රුපියල් මිලියන 200 කට අධික වටිනාකමකින් යුතු භාණ්ඩ තොගයක් නීතිවිරෝධී ලෙස රැගෙන ඒමට තැත්කළ ව්‍යාපාරිකයන් තිදෙනකු ශ්‍රී ලංකා රේගුවට අනුයුක්ත විමර්ශන නිලධාරීන් පිරිසක් විසින් ඊයේ සවස බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගෙන ඇත.
රේගු පරීක්ෂණවලදී අනාවරණ වූයේ මෙම භාණ්ඩ රේගු බදු නොගෙවා නීතිවිරෝධී ලෙස මෙරටට ආනයනය කර ඇති බවයි.
එම භාණ්ඩ අතර විදේශීය නිෂ්පාදිත විස්කි, දුම්වැටි, ඇපල් වර්ග, ස්මාර්ට් ජංගම දුරකථන, අත් ඔරලෝසු, ඇපල් මැක් බුක්, ඇපල් අයිපෑඩ් ඇතුළු විදුලි උපකරණ රැසක් රේගු නිලධාරීන් විසින් සොයාගෙන තිබේ.
මිනුවන්ගොඩ, මස්කෙළිය සහ කොළඹ 13 ප්‍රදේශවල ලිපිනයන්ට මෙම භාණ්ඩ ආනයනය කර ඇත.
ගුවන් තොටුපළෙන් පිටත ප්‍රදේශයේ නිරීක්ෂණ රාජකාරියේ නිරතව සිටි ගුවන් තොටුපළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.
අත්අඩංගුවට ගත් භාණ්ඩ සහ ව්‍යාපාරිකයන් වැඩිදුර පරීක්ෂණ සඳහා ගුවන් තොටුපළ රේගු නිලධාරීන් වෙත භාරදී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart