
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මනුෂ්‍ය ඝාතනයක් සදහා සගවා තිබියදී T-56 වර්ගයේ ස්වයංක්‍රීය ගිනිඅවියක්, ජීව උණ්ඩ 14ක් සහිත මැගසිනයක්, කඩුවක් සහ කිනිස්සක්ද ඇතුළුව තියුණු ආයුධ සමග පුද්ගලයන් තිදෙනකු පොලිස් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට පත්ව තිබේ.
පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් කණ්ඩායමක් ඊයේ(10) මරදාන පොලිස් වසමේ ලොක්ගෙට්ලේන් ප්‍රදේශයේ ශ්‍රී බෝධිරාජාරාමය විහාරස්ථානය පිටුපස නිවසක වැටළීමක් සිදුකර ඇත.
එහි දී අදාළ නිවසේ වහලයේ පිටුපස කොටසේ ගමන් මල්ලක බහා මනුෂ්‍ය ඝාතනයක් සදහා සඟවා තිබියදී T-56 වර්ගයේ ස්වයංක්‍රීය ගිනි අවියක්, මි.මි 7.62X39 වර්ගයේ ජීව උණ්ඩ 14ක් සහිත මැගසිනයක්, කඩුවක් සහ කිනිස්සක්ද ඇතුළුව තියුණු ආයුධ සමග මරදාන, කොළඹ 10 ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 18, 34, 47 ක් වන පුද්ගලයන් තිදෙනකු අත්අඩංගුවට ඇත.
අත්අඩංගුවට ගත එම පිරිස වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මරදාන පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
මෙම T-56 වර්ගයේ ස්වයංක්‍රීය ගිනිඅවිය හා තියුණු අවිආයුධ කොළඹ ලොක්ගෙට්ලේන් හා කෙසෙල්වත්ත ප්‍රදේශයේ සංවිධානාත්මක අපරාධ කල්ලි දෙකක් අතර හටගෙන ඇති ගැටුම්කාරී තත්වයක් හේතුවෙන් අදාල ප්‍රතිවිරුද්ධ කණ්ඩායම්වල සාමාජිකයින් වෙඩි තබා කපාකොටා ඝාතනය කිරීම සදහා මෙම ස්ථානයේ සඟවා ඇති බවට බුද්ධි තොරතුරු මගින් අනාවරණය කරගෙන ඇති බව පැවැසේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart