April 10, 2024

මෝදර කජිමාවත්තේ 2010 වසරේ ඇතිවූ ගින්නකින් නිවාස අහිමු වූවන්ට රන්දිය උයන නිවාස සංකීර්ණයේ නිවාස 294ක් පිරිනමා තිබේ.

එම මහල් නිවාස ලබාදීමේ උත්සවයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ නව නිවාස හිමියන්ගෙන් ඉල්ලා සිටියේ ඔවුන්ට ලැබෙන මෙම දේපළ උකස් නොකරන ලෙසයි.

“අද ඔබට ලැබෙන මේ නිවස ඔබේ වටිනාම වස්තුව බවට පත්වේවි. එය ආරක්ෂිතව පාවිච්චි කිරීම ඔබේ වගකීමක්. අවුරුදු දහයක් දුක් වින්දට පස්සේ ලැබෙන මේ ගෙවල් උකස් කරන්නවත් විකුණන්නවත් එපා. මේ නිවාස ඔබේ ජීවිතය වගේ ආරක්ෂා කරන්න කියලා මම ඉල්ලා සිටිනවා.” යැයි ජනාධිපතිවරයා පැවසීය.

“කජිමාවත්තේ මිනිස්සු ජීවත් වෙලා තියෙන්නේ අපායක් වගේ තැනක. ඔවුන් එහි ජීවත් වූයේ කොහොමද කියලා හිතාගන්න බැහැ ” යැයිද ජනාධිපතිවරයා ප්‍රකාශකර තිබේ.