
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දෙමළ දේශපාලන පක්ෂ විසින් ඉදිරි ජනාධිපතිවරණය සඳහා පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කිරීම වෙනුවෙන් නම් කිහිපයක් දැනටමත් සළකා බලමින් පවතින බව තමිල් මක්කල් තේසිය කුට්ටනි (TMTK) පක්ෂයේ නායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතීඥ සී.වී. විග්නේෂ්වරන් ප්‍රකාශ කර තිබේ.
ඔහු ප්‍රකාශකර ඇත්තේ දෙමළ දේශපාලන පක්ෂ නියෝජනය කරමින් පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කිරීම අනුමත කරන බවත්, බහුතරය පදනම් වූ ජනාධිපති අපේක්ෂකයන්ට සහය දුන් සෑම අවස්ථාවකම දෙමළ ප්‍රජාව අවමානයට ලක් වූ බවයි.
“අපගේ ප්‍රශ්න පෙන්වාදීමට මෙම පියවර අවශ්‍යයි. අපේ ප්‍රශ්න මොනවද කියලා සිංහල ජනතාවට කියන්න පුළුවන් විදියට සිංහලෙන් කතා කරන්න පුළුවන් කෙනෙක් අපේක්ෂකයා විය යුතුයි. දෙමළ ප්‍රජාවගේ ප්‍රශ්න දේශීය හා අන්තර්ජාතික ජනතාවගේ අවධානයට යොමු කිරීමට ඒ හැර වෙනත් ක්‍රමයක් නැහැ.ජනාධිපති අපේක්ෂකයකු ඉදිරිපත් කිරීම ඒ සඳහා කදිම ක්‍රමයක්,” යනුවෙන් විග්නේෂ්වරන් ප්‍රකාශකර තිබේ.
“ඒ අපේක්ෂකයා අනිවාර්යයෙන්ම දේශපාලකයෙක් නොවිය යුතුයි, නමුත් දෙමළ ප්‍රජාව විසින් පිළිගත් ඕනෑම පුද්ගලයෙක් සැළකිය හැකියි. ඒ වගේම දෙමළ දේශපාලන පක්ෂ එකතු කරගෙන පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීමේ හැකියාව ගැන සාකච්ඡා කරන්න අපි බලාපොරොත්තු වෙනවා.”යනුවෙන් ද ඔහු ප්‍රකාශ කර තිබේ.
සුදුසු අපේක්ෂකයකු පක්ෂ විසින් තීරණය කර ඇත්දැයි විමසූ විට විග්නේෂ්වරන් ප්‍රකාශකර ඇත්තේ “මම පෞද්ගලිකව වෛද්‍ය නාගලිංගම් එතිර්වීරසිංහම්ට (හිටපු ශ්‍රී ලංකා මලල ක්‍රීඩකයා) කතා කළා, ඔහු තවමත් මගේ යෝජනාවට ප්‍රතිචාර දැක්වූයේ නැහැ. අපි විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම්ගෙන්ද විමසීමට අදහස් කළා. ඔහුට අවශ්‍ය වූයේ මැතිවරණය වර්ජනය කිරීමටයි, ඒ නිසා ඔහු තරඟ කරන්නේ නැහැ. මේ වන විට තවත් අපේක්ෂකයන් කිහිප දෙනෙකු පිළිබඳ සාකච්ඡා කෙරෙනවා. ඉදිරියේදී තීරණයකට එළැඹෙන්න පුළුවන් වෙයි.” යනුවෙනි.
යටිතල පහසුකම් නොමැතිකම, හමුදා සහ රාජ්‍ය දෙපාර්තමේන්තු විසින් ඔවුන්ගේ ඉඩම් අත්පත් කර ගැනීම සහ 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක නොකිරීම වැනි ගැටලු දෙමළ ප්‍රජාව නිතර මුහුණ දෙන ප්‍රශ්න අතර වන බව දෙමළ නායකයන් අවස්ථා රැසකදී ප්‍රකාශකර තිබේ.
දෙමළ ප්‍රජාව පදනම් කරගත් දේශපාලනඥයන් චෝදනා කරන්නේ රාජ්‍ය නායකයන් ඇතුළු බහුතර ප්‍රජාව පදනම් කරගත් දේශපාලනඥයන් මෙවැනි ප්‍රශ්න විසඳීමට උනන්දු නොවන බවයි.
(The Daily Morning)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart