April 9, 2024

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තායිලන්තයේ සංචාරයක් සඳහා අද පෙරවරුවේ බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් තිබේ.

ඔහු සමග තවත් පුද්ගලයන් 9 දෙනෙකු ගුවන් තොටුපළෙන් පිටව ගිය බව වාර්තා වෙයි.

මෛත්‍රීපාල සිරිසේන මෙලෙස තායිලන්තය බලා පිටව ගියේ කුමන කරුණක් සඳහා ද යන්න නිදහස් පක්ෂය විසින් හෝ ඔහුගේ කාර්යාලය විසින් මෙතෙක් නිල වශයෙන් ප්‍රකාශකර නොමැත.

ඔහු මෙලෙස පිටව යන්නේ නිදහස් පක්ෂය අර්බුද රැසකට මුහුණදෙමින් සිටින පසුබිමකය.

නිදහස් පක්ෂ සභාපති ධුරයේ කටයුතු කිරීම වළක්වාලමින් ඔහුට නිකුත්කර තිබූ වාරණ නියෝගය ඊයේ යළිත් දීර්ඝ කර තිබිණි.