
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
යතුරුපැදි අනතුරකින් තරුණ සංගීත ශිල්පියකු මරණයට පත්ව ඇත.
තලාව ප්‍රදේශයේදී සිදුවූ අනතුරකින් මෙලෙස මියගොස් ඇත්තේ, 23 හැවිරිදි ගෝවින්දගේ ඉශාන් නිමන්ත නමැත්තෙකි.
ඊයේ අළුයම 5.15ට පමණ අනුරාධපුර දෙස සිට තලාව ප්‍රදේශයට යතුරු පැදියකින් ගමන් කරමින් සිටි මෙම තරුණයා තලාව ගොවිජන සේවා මධ්‍යස්ථාන ඉදිරිපිට දී එම යතුරු පැදිය මාර්ගයෙන් ඉවතට පැන මාර්ගය අසල කොහොඹ ගසක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය සඳහන් කරයි.
නින්දයෑම හේතුවෙන් මෙම අනතුර සිදුවන්නට ඇති බවට පොලිසිය සැක පළකරයි.
මියගිය තරුණයා තරුණ සේවා යොවුන් සංගීත කණ්ඩායමකට අනියුක්තව සංගීත ශිල්පියකු ලෙස කටයුතු කරමින් සිට ඇතැයිද පොලිසිය වැඩිදුරටත් පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart