April 8, 2024

ආහාර විෂ වීමක් හේතුවෙන් නල්ලතන්නිය ප්‍රදේශයේ කුඩා දරුවන් ඇතුළු වතු කම්කරුවන් 120 දෙනෙකු පමණ රෝහල් ගතකර තිබේ.

මෙලෙස ආහාර විෂ වීමක් සිදුව තිබුණේ නල්ලතන්නිය ප්‍රදේශයේ කෝවිලකින් ඊයේ රාත්‍රියේ පිළිගැන්වූ ආහාර අනුභව කළ පිරිසකටය.

එම පිරිස කෝවිලේ දන්සලකින් ලබා දුන් ආහාර අනුභව කිරීමෙන් පසු වමනය, බඩේ කැක්කුම, පාචනය සහ ක්ලාන්ත වී මස්කෙළිය ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇත.

රෝහලේ වෛද්‍ය නිලධාරියකු පැවසුවේ ඔවුන්ගෙන් 25 දෙනෙකු නේවාසික ප්‍රතිකාර ලබමින් සිටින අතර අනෙක් පිරිස මූලික ප්‍රතිකාරවලින් පසු රෝහලෙන් පිටව ගොස් ඇති බවයි.

රජයේ රස පරීක්ෂකවරයා වෙත යැවීම සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් එම ආහාරවල සාම්පල ලබාගෙන තිබේ.