April 8, 2024

සමගි ජන බලවේගය සමග සමබන්ධ වන පිරිස් සම්බන්ධයෙන් පක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් වඩාත් සිතා බැලිය යුතු බව එහි ජාතික සංවිධායක තිස්ස අත්තනායක ප්‍රකාශ කර තිබේ.

නිදහස් ජනතා පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් සමඟ අත්සන් කළ අවබෝධතා ගිවිසුම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් අමතමින් ඔහු ප්‍රකාශකර තිබුණේ සමගි ජන බලවේගයට අවශ්‍ය වන්නේ පැති මාරු කරන අය සහ දූෂිතයන් නොව පිරිසිදු හා ජනතාව විශ්වාස කරන අය බවයි.

ඕනෑම පක්ෂයක් සමඟ සන්ධානගත වීමට සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය පක්ෂ නායකයාට බලය දී ඇති බවත් එම නිසා නිදහස් ජනතා බලවේගය සමග කිසිම සන්ධානයකට එක්වීම පිළිබඳ විරුද්ධත්වයක් නොමැති බවත් ඔහු පෙන්වා දී තිබේ.

කෙසේවෙතත්, වැරදි පුද්ගලයන් ඇසුරු කළහොත් කිසිදු සන්ධානයක් ජනතාව පිළි නොගන්නා බැවින් පක්ෂය ඇසුරු කළ යුතු ය සම්බන්ධයෙන් පක්ෂ නායකයාට අවවාද කරන බව තිස්ස අත්තනායක වැඩිදුරටත් පවසා තිබේ.

නිදහස් ජනතා බලවේගයේ මන්ත්‍රී කණ්ඩායම සමඟ අවබෝධතා ගිවිසුම අත්සන් කළේ කඩිමුඩියේ. බොහෝ සමගි ජන බලවේගයේ සාමාජිකයන් ඒ ගැන නොදැන සිටියේ එම නිසයි. මමත් වෙනත් වාදක නිරතව සිටියේ. ඒකයි මට එය මගහැරුණේ” යැයිද ඔහු පැවසීය.

සිකුරාදා පැවති ගිවිසුම අත්සන් තැබීමේ උත්සවයට සමගි ජන බලවේගයේ ජ්‍යෙෂ්ඨයන් රැසක් මෙන්ම නිදහස් ජනතා බලවේගයේ පිරිස් ද පැමිණ සිටියේ නැත.