April 7, 2024

යාපනය, වඩමාරච්චි ප්‍රදේශයේ ධීවරයන් පිරිසක් විසින් කට්ටෙයිකට්ටිල් වෙරළ ආසන්නයේ ධීවර දැල්වලට හසුව සිටි ඩොල්ෆින් මසුන් 11 දෙනකු බේරාගෙන තිබේ.

ඩොල්ෆින් මසුන් දැල්වලට හසු වී ගොඩබිමට ගසාගෙන ආ විට, එම ප්‍රදේශයේ ධීවරයෝ ඉතා ඉක්මණින් මැදිහත් වී එම සත්ත්වයන් නැවත සාගරයට මුදාහැර ඇත.