April 7, 2024

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩලය ලබන අඟහරුවාදා රැස්වීමට නියමිත බව වාර්තා වේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම පැවැත්වීමට නියමිත බව පැවැසේ.

එහිදී පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් හයදෙනෙකු සමගි ජන බලවේගය සමග සන්ධානගතවීම පිළිබඳව පුළුල් ලෙස සාකච්ඡා කිරීමට නියමිත බව වාර්තා සඳහන් කරයි.

ඔවුන්ට එරෙහිව වින්‍යානූකූල පියවර ගැනීම ද එහිදී සිදුවනු ඇති බවද පැවැසේ.

ඊට අමතරව ඉදිරි මැතිවරණයට අදාළ පක්ෂ සංවිධාන කටයුතු සම්බන්ධයෙන් ද එහිදී සාකච්ඡා කිරීමට නියමිත බව, පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ ය.