
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කොටහේන සුමිත්‍රාරාම මාවතේ නිවසක් වටළා රුපියල් කෝටි හතරකට ආසන්න වටිනා හෙරොයින් මත්කුඩු තොගයක් සහ අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග සංගීත ශිල්පියකු අත්අඩංගුවට ගත් බව ආදුරුප්පුවීදිය පොලිසිය කියයි.
සැකකරු සමග හොරයින් මත්කුඩු ගෑම් 372 ක් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 1 ගෑම් 558 පොලිසිය විසින් සොයාගෙන ඇත.
ආදුරුප්පු වීදිය පොලිසියට ලද තොරතුරකට අනුව පොලිස් කණ්ඩායමක් නිවස වටළා සිදුකළ සෝදිසියේදී වාදන භාණ්ඩ අතර තිබූ බෙරයක ඉතා සූක්ෂම ලෙස මෙම මත්ද්‍රව්‍ය තොගය සඟවා තිබූ බව පොලිසිය කියයි.
පැදුරු සාජ්ජ පැවැත්වීම, වාදන භාණ්ඩ කුලියට ලබාදීම ආදිය සිදුකරන මුවාවෙන් මෙම සැකකරු කාලයක සිට මහා පරිමාණයෙන් මත්ද්‍රව්‍ය ජාවාරම සිදුකර ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.(ලංකාදීප)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart