
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මොනරාගල, බුත්තල ප්‍රදේශයේ පිහිටි හෝටලයක් සම්බන්ධයෙන් යුද හමුදා කර්නල්වරයකු වන සිය සහෝදරයා සමග ඇතිව තිබූ බව කියන ආරවුලක් මත එම හෝටලයට බීමතින් පැමිණ ගල් ගසා හානි සිදුකළේ යැයි කියන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙක් බුත්තල පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.
මෙසේ සැකපිට අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ මඩොල් සිම පොලිසියට අනුයුක්තව රාජකාරී කරමින් සිටියදී විශ්‍රාම පූර්ව නිවාඩු ලබා සිටින 56 හැවිරිදි ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකි.
බුත්තල ප්‍රදේශයේ පිහිටි මෙම හෝටලය සම්බන්ධයෙන් සහෝදරයින් දෙදෙනා අතර පැවති ආරවුල සම්බන්ධයෙන් බුත්තල පොලිසිය අධිකරණයට ඊට පෙර කරුණු වාර්තා කර තිබිණි යැයි පොලිසිය කියයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart