April 5, 2024

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොළඹ දිසා සමුළුව හෙට පැවැත්වීමට සැලසුම් කර තිබේ.

ඒ අනුව එම පක්ෂය පවසන්නේ මෙම සමුළුව මෙරට හයවැනි විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, පක්ෂයේ ප්‍රධාන ලේකම් සාරථි දුෂ්මන්ත මිත්‍රපාල සහ පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන්ගේ සහභාගීත්වයෙන් හෙට පස්වරු 2.00ට කඩුවෙල කොතලාවල කිංස්බරි උත්සව ශාලාවේදී පැවැත්වෙන බවයි.

මෙම සමුළුව සංවිධාන කර ඇත්තේ මෛත්‍රීපාල සිරිසේනට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයේ කටයුතු කිරීමට වාරණයක් නිකුත් කර තිබෙන පසුබිමක වීම විශේෂත්වයකි.

ඒ අනුව සංවිධායකයන් විසින් මෙම සමුළුව සඳහා මෛත්‍රීපාල සිරිසේනගේ සහභාගීත්වය හඳුන්වා දී ඇත්තේ පක්ෂ සභාපති ලෙස නොව මෙරට හයවැනි විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ලෙසයි.