
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ගිහියකුව සිටියදී කරන ලද සොරකම් සම්බන්ධයෙන් පොලිසියට කොටුනොවූ බවත්, එම සොරකම්වලට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර දඬුවම් ලබාදෙන තෙක් හිතට සහනයක් නොමැති බවත් කියමින් තරුණ භික්ෂූන් වහන්සේනමක ගම්පහ, යක්කල පොලිස් ස්ථානය වෙත ඊයේ (5) පැමිණ ප්‍රකාශයක් කළේ යැයි යක්කල පොලිසිය සදහන් කරයි.
මෙම භික්ෂූන් වහන්සේ පොලිසියට පැමිණියේ සිය මව ද කැටිවය.
භික්ෂූන් වහන්සේ පොලිසිය භාරයට ගෙන පරීක්ෂණ ආරම්භ කර ඇත.
තමන් ගිහියකුව සිටියදී මීට වසර අටකට පමණ ඉහතදී කරන ලද මෙම සොරකම්වලට අත්අඩංගුවට ගෙන දඬුවම් ලබාදෙන තෙක් බණ භාවනා කරමින් මහණදම් පිරීමට හෝ තරම් හිතට සහනයක් සැනසිල්ලක් හෝ නොමැති බව මෙම භික්ෂූන් වහන්සේ පවසන්නේ යැයි පොලිසිය කියයි.
ගිහියකුව සිටියදී තමන් කළ මෙම සොරකම් සම්බන්ධයෙන් නිතර හිතට වදදෙන බවත්, එමනිසා එලෙස කරන ලදැයි කියන සොරකම් සම්බන්ධයෙන් තොරතුරු හෙළිකරන බවද උන්වහන්සේ පවසා ඇත.
මීට වසර අටකට පමණ ඉහතදී ගිහියකුව සිටියදී මෙම භික්ෂූන් වහන්සේ විසින් සිදුකරන ලදැයි කියන සොරකම් වල විස්තර තහවුරු කරගැනීම සඳහා මෙම භික්ෂූන් වහන්සේ පොලිස් භාරයේ තබාගෙන පැරණි පොලිස් පොත්පත් එකිනෙක පරීක්ෂා කිරීම ආරම්භ කරන ලදැයි පොලිසිය කියයි.
ගම්පහ, යක්කල ප්‍රදේශයේ පදිංචිව සිටියදී ගිහි ජීවිතය ගැන කලකිරි මහණ වී ඇති මෙම භික්ෂූන් වහන්සේ දඹුල්ල ප්‍රදේශයේ පිහිටි විහාරස්ථානයක
වැඩ වාසය කර ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.(ලංකාදීප)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart