
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
වීසා කාලය ඉක්මවා මෙරට රැඳී සිටිමින් අන්තර්ජාලය ඔස්සේ රැකියා කළ විදේශිකයන් 15 දෙනකුගෙන් යුත් කණ්ඩායමක් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ විමර්ශන කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ සහ දෙහිවල ප්‍රදේශවල ඊයේ සිදුකළ වැටළීම්වලදීය.
මෙම පිරිස අතරින් එකොළොස් දෙනෙකු බිහාර්, ආන්ද්‍රා ප්‍රදේශ්, උත්තරාකන්ඩ්, ගුජරාට් සහ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තවල ඉන්දියානුවන් වන අතර අනෙක් සිව්දෙනා වයස අවුරුදු 20 ත් 30 ත් අතර පසුවන නේපාල ජාතිකයන් වේ.
ඔවුන්ගෙන් ඇතැමෙක් නේවාසික වීසා මත ද තවත් පිරිසක් සංචාරක වීසා මත ද පැමිණ ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණ වී තිබේ.
ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පවසා ඇත්තේ, මිරිහාන රැඳවුම් මධ්‍යස්ථානයේ දී සැකකරුවන්ගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම් සිදුකර අධිකරණ කටයුතුවලින් අනතුරුව ඔවුන් පිටුවහල් කිරීමට නියමිත බවයි.
ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටියගේ උපදෙස් මත මෙම විමර්ශන සිදුකෙරේ.
මහජන ආරක්‍ෂක අමාත්‍යංශයේ නිලධාරියකු පවසා ඇත්තේ, ඇතැම් විදේශිකයන් පහසුවෙන් ස්වදේශිකයන් ලෙස සිටිමින් සිතාගත නොහැකි ආකාරයේ රැකියා කරන බවයි.
ඔවුන් හඳුනාගැනීම සඳහා අදාළ සියලු ආයතන සම්බන්ධ කර ගනිමින් වැඩපිළිවෙළක් සකස් කිරීමේ අවශ්‍යතාව ද ඔහු සඳහන් කරයි.
වීසා කාලය ඉක්මවා මෙරට රැඳී සිටිමින් මුදල් ඉපැයීම සඳහා විවිධ ‘අමුතු’ රැකියා කරන විදේශිකයන් හසුකර ගැනීමේ කටයුතුවලට බාධාවක් වී ඇත්තේ අදාළ ආයතනවල ප්‍රමාණවත් පරිදි මානව සම්පත් නොමැතිකම බව ද වාර්තා වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart