
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉන්දියාවේ වෙරළාරක්ෂක බලකායට අයත් නෞකාවක් පිලිපීනයට ලඟා වී තිබේ.
ඒ, දකුණු චීන මුහුදේ පවතින මතභේදාත්මක තත්ත්වය මධ්‍යයේයි.
ඉන්දීය මාධ්‍ය පවසන පරිදි එලෙස පිලිපීනයේ මැනිලා බොක්ක ප්‍රදේශයට ලඟා වී ඇත්තේ ඉන්දීය වෙරළාරක්ෂක බලකායට අයත් Samudra Paheredar නෞකාවයි.
එය විශේෂිත පරිසර දූෂණ පාලන යාත්‍රාවක්.
තෙදින සංචාරයක් සඳහා පිලිපීනයේ මැනිලා වරාය වෙත ළඟා වූ එම නෞකාව පිලිපීනයේ රැඳී සිටින කාලය තුළ පිලිපීන වෙරළාරක්ෂක බලකාය සමග විශේෂිත ද්විපාර්ශවීය ක්‍රියාකාරකම් සඳහා එක්වූ බව සඳහන්.
සමුද්‍රීය දූෂණ පාලන මෙහෙයුම් ඒ අතරින් ප්‍රමුඛයි.
පිලිපීන වෙරළාරක්ෂක බලකාය සමඟ ද්විපාර්ශ්වික සහයෝගීතාව ශක්තිමත් කිරීමට අමතරව, ASEAN කලාපයේ සමුද්‍ර දූෂණය කෙරෙහි පරිසර දූෂණ ප්‍රතිචාර හැකියාවන් සහ නව තීරණ සම්බන්ධයෙන් ද සාකච්ඡා කළ බව ඉන්දිය විදේශ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත.
පිලිපීනයට අමතරව ඉන්දීය ඉන්දීය වෙරළාරක්ෂක බලකායට අයත් Samudra Paheredar නෞකාව සිංගප්පූරුව, කාම්බෝජය, තායිලන්තය, මැලේසියාව සහ ඉන්දුනීසියාවට ද ලගා වී තිබේ.
එම නෞකාව වියට්නාමය සහ බෲනායි වෙත ද පැමිණීමට නියමිත අතර එම රටවල අප්‍රෙල් මස 12 වනදා දක්වා නැංගුරම් ලා සිටිනු ඇති.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart