
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
බීමතින් නිවෙසට පැමිණි තම ස්වාම්පුරුෂයාට ප්‍රදේශවාසීන් පිරිසක් සමඟ එක් වී කළ පහරදීමකින් පසු ඔහු මියයෑම සම්බන්ධයෙන් මරණකරුගේ බිරිය අත්අඩංගුවට ගත්තේ යැයි වැලිගම පොලිසිය කියයි.
මාතර, වැලිගම, දෙනිපිටිය, කොස්ගස්දෙන ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි එල්.පී. ප්‍රේමකුමාර නමැත්තකු මෙසේ පහරකෑමට ලක්ව ඇති අතර ඔහු සිහිසුන්වීමෙන් පසුව වලාන රජයේ රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිටි බවද පොලිසිය කියයි.
බීමතින් පැමිණ නිතර තම බිරියට අඩන්තේට්ටම් කරන බව කියන මරණකරු පසුගිය 2 වැනිදා රාත්‍රියේද බීමතින් තම නිවෙසට පැමිණ බියට පහරදීමට ගිය අවස්ථාවේ මෙම සිදුවීම වී ඇතැයි කියයි.
පොලිසිය පවසන ආකාරයට එහිදී බිරිය ප්‍රදේශවාසීන්ගේ සහායෙන් ඔහු පුටුවක හිඳුවා නිවසේ කණුවකට තබා ගැටගසා විදෙස්ගතව සිටින සිය දරුවන්ට වීඩියෝ දුරකථන ඇමතුමක් ගෙන සිදුවීම ගැන පවසා ඇත.
පියාට පහරදෙන ලෙස එහිදී දරුවන් පවසා ඇති බවට කරුණු වාර්තා වන්නේ යැයිද පිරිස ඔහුට පහර දී ඇත්තේ ඉන්පසුව යැයිද පොල්සිය කියයි.
එහිදී එම තැනැත්තා සිහිසුන් වී ඇති අතර වැලිගම වලාන රජයේ රෝහලට ඇතුළත් කර ඇත්තේ ඉන්පසුව යැයි ද කියයි.
ගැටගැසූ ලණුව බෙල්ලේ හිරවීමෙන් මෙම මරණය සිදුවන්නට ඇතැයි සැකකරන බවද පොලිසිය සඳහන් කරයි.(මව්බිම)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart