
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
තායිවානයේ ධූරයෙන් නික්ම යන ජනාධිපති සායි ඉන් වෙන් සහ තේරී පත්වූ නව ජනාධිපති ලායි චින්, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට සිය කෘතඥතාව පළකර තිබේ.
ඒ, තායිවානයට බලපෑ ප්‍රභල භූ කම්පනය හමුවේ ලබා දුන් සහයෝගය වෙනුවෙන්.
සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් සායි ඉන් වෙන් පැවසුවේ මෙම අභියෝගාත්මක අවස්ථාවේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ කාරුණිකත්වයට සහ සහයෝගයට බෙහෙවින් කෘතඥ වන බවයි.
තායිවාන ජනතාවට ඉන්දියාවේ සහයෝගය මහත් ශක්තියක් බව ද ඇය පවසා ඇත.
ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ සහයෝගය තායිවානයට ශක්තියක් බව තායිවානයේ නව ජනාධිපති ලායි චින්ග් ද ට්විටර් පණිවිඩයක් ඔස්සේ සඳහන් කර තිබේ.
තායිවානයට අද බලපෑ මැග්නිටියුඩ් ඒකක 7.4 ක භූ කම්පනයෙන් අනතුරුව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ට්විටර් පණිවිඩයක් හරහා තායිවානයට සහය පල කර තිබුණි.
එහි දැක්වුණේ තායිවානයේ ඇති වූ භූමිකම්පනය හේතුවෙන් පුද්ගල ජීවිත අහිමි වීම ගැන දැඩි කණගාටුවට කරුණක් බවයි.
විපතට පත් පවුල්වලට හෘදයාංගම ශෝකය ප්‍රකාශ කරන අතර තුවාල ලැබූවන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන බවත් එහි දක්වා තිබේ.
අසීරු අවස්ථාවට මුහුණ දිම සඳහා තායිවානය සමග සහයෝගයෙන් සිටින බවත් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සඳහන් කර ඇත.
එම භූ කම්පනයෙන් පුද්ගලයින් 09 දෙනෙකු මියගොස් 900 කට ආසන්න පිරිසක් තුවාල ලබා තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart