
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
චීනය යළිත් සිය ගුවන් සීමාව උල්ලංඝනය කළ බව තායිවානය පවසයි.
ඒ අනුව ඉකුත් බදාදා දිනයේදී පමණක් සැලකිය යුතු චීන ගුවන් යානා ප්‍රමාණයක් සිය දිවයින ආසන්නයෙන් පියාසර කළ බව තායිවානය පවසයි.
තායිවාන ආරක්ෂක අමාත්‍යංශය පැවසුවේ එදින දිවයින වටා ගුවන් සීමාව තුළ චීන හමුදාවට අයත් ගුවන් යානා 30 ක් පියාසර කළ බවයි.
මේ වසරේ ගතවූ කාලය තුළ නිරීක්ෂණය කළ ඉහළම දෛනික චීන ගුවන් සංඛ්‍යාව එය බව ද තායිවාන ආරක්ෂක අමාත්‍යංශය ප්‍රකාශ කර ඇත.
එම අමාත්‍යාංශය පැවසුවේ ඉන් ගුවන් යානා 20 ක්ම දිවයිනේ ගුවන් ආරක්ෂක හඳුනාගැනීමේ කලාපයට ඇතුළු වූ බවයි.
තායිවානයේ සන්නද්ධ හමුදාව තත්වය අධීක්ෂණය කළ බවත්, චීන යුද ගුවන් යානා සහ ඒවායේ ක්‍රියාකාරකම්වලට ප්‍රතිචාර වශයෙන් මුර සංචාර සඳහා ගුවන් යානා යෙදවූ බවත් තායිවානය ප්‍රකාශ කර තිබුණා.
එමෙන්ම පූර්ව සූදානමක් ලෙස නාවික යාත්‍රා සහ වෙරළබඩව ස්ථාන ගත කර ඇති මිසයිල පද්ධති සූදානම් කොට ඇති බවත් තායිවාන ආරක්ෂක අමාත්‍යංශය නිවේදනය කර ඇත.
පසුගිය මාසයේ පමණක් පැය 24 ක කාලයක් තුළ සිය දිවයින වටා චීන යුද ගුවන් යානා 36 ක් පියාසර කරනු නිරීක්ෂණය කළ බව ද තායිවාන ආරක්ෂක අමාත්‍යංශය අනාවරණය කර තිබේ.
එය මේ වසරේ දිනක් තුළ තායිවාන ගුවන් සීමාවට පැමිණි විශාලතම චීන ගුවන් යානා සංඛ්‍යාව බව ද සඳහන්.
චීනය පවසන්නේ තායිවානය යනු සිය භූමියේ කොටසක් බවයි.
එහෙත් තායිවානය එය තරයේ ප්‍රතික්ෂේප කරමින් සිටියි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart