
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඔන්ලයින් ආරක්ෂණ පනත යටතේ වන පළමු නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනුකර තිබේ.
මෑතකදී සම්මත කෙරුණු මෙම පනත යටතේ පළමු අයදුම්පත ඉදිරිපත් කර තිබුණේ මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ ටපු සභාපති ජනක රත්නායක විසිනි.
ඒ අනුව ඔහුට එරෙහිව අසත්‍ය තොරතුරු සන්නිවේදනය කිරීම වළක්වාලමින් එහි වගඋත්තරකාර පාර්ශ්වයන්ට අධිකරණය කොන්දේසි සහිත නියෝගයක් ද නිකුත් කර ඇත.
පෙත්සමේ වගඋත්තරකරුවන් වන්නේ ගයත්‍රි බිම්බා, ජනක රාජපක්ෂ, ඕෂල හේරත් සහ තවත් කිහිපදෙනෙකි.
2023 අංක 09 දරන මාර්ගගත ආරක්ෂණ පනතේ 24 (1) සහ 24 (2) වගන්තිය ප්‍රකාරව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් විසින් පෙත්සම්කාර ජනක රත්නායකට පක්ෂව මෙම කොන්දේසි සහිත නියෝගය නිකුත් කළ අතර පනතේ 24 (4) වගන්තියේ දක්වා ඇති එම නියෝගය පරිදි විද්‍යුත් ක්‍රම මගින් වගඋත්තරකරුවන්ට දැනුම් දෙන ලෙස ද නියෝග කළේය.
ජනක රත්නායක සිය අයදුම්පත්‍රයේ සඳහන් කර තිබුණේ වගඋත්තරකරුවන් පෞද්ගලික තොරතුරු සංසරණය කිරීමට හෝ බෙදා හැරීමට උත්සාහ කරන බවයි.
තමා “ඉලක්කගත පුද්ගලයකු” බවත්, පෙත්සමේ නම් කර ඇති වගඋත්තරකරුවන් කිහිප දෙනකුගෙන් එක් අයකු හෝ කිහිප දෙනෙකු ව්‍යාජ ප්‍රකාශ සන්නිවේදනය කරමින් තමාට හිතාමතාම හිරිහැර කරන බවත් පෙත්සම්කරු වැඩිදුරටත් චෝදනා කර තිබේ.
පෙත්සම්කරු වෙනුවෙන් ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස, නීතිඥ විශ්ව ද ලිවේරා තෙන්නකෝන්, නෙරංජන් ඊරියගොල්ල, රශ්මිණී ඉන්දතිස්ස, නවීන් ජයමාන්න ඇතුළු නීතිඥයෝ පිරිසක් පෙනී සිටියහ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart