
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සිංගප්පූරුවේ සේවය සඳහා යන ශ්‍රී ලාංකික සේවිකාවන් වංචාවලට ලක්වීමේ අවදානමක් හෙළිදරව් වී තිබේ.
සේවය සඳහා සිංගප්පූරුවට සංක්‍රමණය වූ සේවිකාවන් 500ක් පමණ පසුගිය වසරේ වංචාවලට ගොදුරු වී ඇති බව එරට ස්වදේශ කටයුතු ඇමැති කේ. ෂන්මුගම් ප්‍රකාශ කිරීමත් සමගය.
මෙය 2022 වසරේ වාර්තා වූ වංචා කිරීම් 423ට වඩා සියයට 18ක වැඩිවීමක් බව ඔහු පෙන්වා දී තිබේ.
සිංගප්පූරුවට ගෘහ සේවිකාවන් වැඩි පිරිසක් පැමිණෙන්නේ ඉන්දියාව, ශ්‍රී ලංකාව සහ අග්නිදිග ආසියානු රටවලිනි.
එරට පාර්ලිමේන්තුවේදී ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැති ෂන්මුගම් පැවසුවේ සිංගප්පූරුවේ සේවය කරන කම්කරුවන් සඳහා ආයතන විසින් වංචාවලට හසු නොවීම සඳහා අධ්‍යාපන ප්රයත්නයන් නිතිපතා සිදු කරන බවයි.
එරට මිනිස්බල අමාත්‍යංශයේ අනිවාර්ය පදිංචි කිරීමේ වැඩසටහනේ කොටසක් ලෙස, වංචාවෙන් ආරක්ෂාවීමට කම්කරුවන්ට අනුගමනය කළ හැකි ක්‍රියාමාර්ග උගන්වනු ලබන බව ෂන්මුගම් පැවසීය.
“ඔවුන් නවතම වංචා ප්රවණතා පිළිබඳ දැනුවත් කරනවා වගේම වංචාවන් හඳුනාගැනීමට සහ ඔවුන්ගේම ප්‍රජාව තුළම වංචා වැළැක්වීමේ උපදේශකයන් බවට පත් කිරීමට ඔවුන් සන්නද්ධ කරනවා ” යනුවෙන් ෂන්මුගම් පාර්ලිමේන්තුවේ දී මතු වූ ප්‍රශ්නයට ප්‍රතිචාර දක්වමින් ප්‍රකාශකර තිබේ.
2023 සඳහා වාර්ෂික වංචා සංඛ්‍යාලේඛනවලට අනුව වංචා සිද්ධීන් සංඛ්‍යාව වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇති අතර, මුළු සිද්ධීන් 46,563ක් වාර්තා වී තිබේ.
වංචා හේතුවෙන් එම වසරේ දී සිංගප්පූරු ඩොලර් මිලියන 651කට වඩා අහිමි වී ඇත.
2021 වසරේ විදේශීය ගෘහ සේවිකාවන් හසු වූ ප්‍රධානතම වංචා වර්ග තුන වන්නේ අන්තර්ජාල වංචා, අන්තර්ජාල ප්‍රේමය සහ ණය වංචා බව පොලිසිය පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart