
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ විමර්ශන සම්බන්ධයෙන් හිටපු ජනාධිපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන සහ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් කතෝලික සභාව විසින් විවේචනයට ලක්කර තිබේ.
දේශබන්දු තෙන්නකෝන් පසුගියදා කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයට පැමිණි අවස්ථාව පිළිබඳව අදහස් දැක්වූ එම දේවස්ථානය භාර මංජුල නිරෝෂන් පියතුමා ඊයේ පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ අවශ්‍යවන්නේ වියළි සලාක ලබා දීම හෝ සංචාරය කිරීම නොව ප්‍රහාරය සම්බන්ධයෙන් යුක්තිය ඉටුකිරීම බවයි.
“පොලිස්පතිවරයාගේ සංචාරය පිළිබඳ අපව දැනුවත් කළේ නැහැ. මෙම සංචාරය පිටුපස ඇති චේතනාවන් මොනවාද කියලා අපි දන්නෙත් නැහැ. හැබැයි මේ වගේ වැඩවලට නෙවෙයි එන්න ඕනේ, පරීක්ෂණවලටයි එන්න ඕන,” යනුවෙන් පියතුමා සඳහන් කළේය.
මේ අතර, කොළඹ අගරදගුරු හිමිපාණන්ගේ ප්‍රකාශක සිරිල් ගාමිණී පියතුමා ද එවැනිම අදහසක් පළකර තිබිණි.
පොලිස්පතිවරයා පසුගියදා බඩුමලු බෙදාහැරීමේ සංචාරයක නිරතවීම පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් විපතට පත්වූවන්ට මෙන්ම රටේ ජනතාවටද කරන අපහාසයක් බව සිරිල් ගාමිණී පියතුමා සඳහන් කළේය.
ප්‍රහාරයට ඉන්දියාව සම්බන්ධ බවට මෛත්‍රීපාල සිරිසේන කළ ප්‍රකාශයට ප්‍රතිචාර වශයෙන් සිරිල් ගාමිණී පියතුමා සඳහන් කළේ වසර පහක පමණ කාලයක් හෙළි නොකළ එම තොරතුරු දැන් හෙළිවන්නේ මන්දැයි ගැටලුවක් පවතින බවයි.
“එම තොරතුරු සති තුනකට පෙර හෙළිවුණා කියලාඅපි විශ්වාස කරන්නේ නැහැ. අපි හිතන්නේ එතුමා ඒක හැමදාම දැනගෙන හිටියා කියලා. ඒ නිසා තමයි ස්වාධීනව කටයුතු කළ හැකි විමර්ශන කණ්ඩායමක අවශ්‍යතාව අපි පෙන්වා දෙන්නේ,” යනුවෙන් සිරිල් ගාමිණී පියතුමා පැවසීය.
පාස්කු ඉරිදා ප්‍රහාරය සිදුවන විට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ පසුබිමක ඔහු කළ ප්‍රකාශය පිළිබඳ සොයා බැලිය යුතු බවද පියතුමා සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart