
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කොළඹ වරාය බලා යාත්‍රා කරමින් සිටියදී බැල්ටිමෝර් හි පාලමක ගැටී අනතුරට ලක්වූ නෞකාවේ තිබු බව කියන විෂ ද්‍රව්‍ය සහිත බහාලුම් 57න් එකක් පමණක් ශ්‍රී ලංකාව වෙත ප්‍රවාහනය කිරීමට නියමිතව තිබී ඇති බව වරාය, නාවික හා ගුවන් සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා පවසයි.
ඔහු තහවුරු කළේ නෞකාවේ ඇති බහාලුම් 57 සම්බන්ධයෙන් මාර්ස්ක් නැව් සමාගමෙන් විමසීමක් කළ බවයි.
ඒ අනුව අන්තර්ජාතික සමුද්‍රීය අන්තරායකර භාණ්ඩ සංග්‍රහය යටතේ වර්ගීකරණය කළහැකි විෂ ද්‍රව්‍ය සහිත බහාලුම් 57ක් එහි තිබූ ඔවුන් තහවුරු කළ බවත් ඉන් එක් බහාලුමක් පමණක් කොළඹට සහ ඉතිරිය ප්‍රතිඅපනයනය සඳහා රැගෙන යන බවත් සමාගම ප්‍රකාශ කර ඇති බව ඇමැතිවරයා මාධ්‍යවේදීන්ට පැවසීය.
මාධ්‍ය තුළ පැතිර යන වැරදි තොරතුරු සමබන්ධයෙන් ඇමැතිවරයා සඳහන් කළේ තත්ත්වය පිළිබඳ නිසි දැනුමක් නොමැති පුද්ගලයන් විවේචන සිදුකරන බවයි.
යාත්‍රාවේ අවසාන ගමනාන්තය චීනය බවත් එය මාධ්‍ය ආවරණයේදී නොසළකා හැර ඇති බවත් ඔහු සඳහන් කළේය.
අන්තර්ජාතික වෙළෙඳාමේදී සහ සැපයුම් කටයුතුවලදී ගිනිගන්නා ද්‍රව්‍ය සහ අන්තරායකර ද්‍රව්‍ය වැනි වර්ගීකරණය කළ භාණ්ඩ හැසිරවීමේ අවශ්‍යතාව ද ඇමැතිවරයා අවධාරණය කළේය.
“1-9 වර්ගීකරණයන් යටතේ වැටෙන භාණ්ඩ සඳහා ආරක්ෂක අමාත්‍යංශයේ විශේෂ අනුමැතිය අවශ්‍ය වනවා. පවතින නීතිය යටතේ අපි එය කිසිදු ගැටලුවක් නොමැතිව කරමින් සිටිනවා,” යනුවෙන් ඇමැතිවරයා පැවසීය.
කොළඹ වරායට පැමිණීමට පැය 72කට පෙර හෝ දින තුනකට පෙර බහාලුම්වල අන්තර්ගතය ප්‍රකාශ කළ යුතු බව භාණ්ඩ ප්‍රකාශ කිරීමේ ක්‍රියා පටිපාටිය සම්බන්ධයෙන් පැහැදිලි කරමින් ඇමැතිවරයා පැවසීය.
කෙසේවෙතත්, සිද්ධිය වටා ඇති ඍණාත්මක ප්‍රසිද්ධිය සැළකිල්ලට ගෙන, බලධාරීන් නැව් සමාගමෙන් අමතර විස්තර ඉල්ලා ඇති බව ද ඇමැතිවරයා සඳහන් කළේය.
“කොළඹට රැගෙන එන කන්ටේනරයේ මොනවද තියෙන්නේ කියලා අපි තාම හරියටම දන්නේ නැහැ. යාත්‍රාව ඉන්දියන් සාගරයට ඇතුළු වූ පසුවයි අපට එය දැනගත හැකිවන්නේ. නමුත් දැන් නියමිත දිනට එම නැව එන්නේ නැහැ,” යනුවෙන් ඇමැතිවරයා පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart