
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
දේවගැති ජෙරොම් ප්‍රනාන්දුට පනවා තිබූ විදෙස් ගමන් තහනම අධිකරණය විසින් තාවකාලිකව ඉවත්කර තිබේ.
ඔහුට එරෙහිව පවරා ඇති නඩුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අද (03) කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කෙරිණි.
විත්තිකරුට විදේශ රටවල් කිහිපයක සංචාරය කිරීමට අවශ්‍ය බව පවසමින් අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබූ අතර ඒ සම්බන්ධයෙන් ඉදිරිපත් වූ කරුණු සැළකිල්ලට ගත් අධිකරණය පෙර ඇප කොන්දේසිවලට යටත්ව විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවත්කිරීමට පියවර ගෙන තිබේ.
පසුගිය වසරේ මැයි මාසයේදී අන්‍ය ආගම්වලට අපහාස වන අයුරින් ප්‍රකාශ කළ බවට චෝදනා කරමින් දේවගැති ජෙරොම් ප්‍රනාන්දුට එරෙහිව පවරා ඇති නඩුවට අදාළව අධිකරණය මීට පෙර ඔහුට විදෙස් ගමන් තහනමක් පනවා තිබිණි.
දේවගැතිවරයා 2023 දෙසැම්බර් 01 වැනි දින අත්අඩංගුවට ගනු ලැබුවේ වෙනත් ආගම්වලට අවමන් සහගත ප්‍රකාශ ඇතුළත් ඔහුගේ එක් දේශනයක වීඩියෝවක් සමාජ මාධ්‍යවල පැතිර යාමෙන් පසුවය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart