
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉන්දීය හිටපු අගමැති රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී මෑතකාලීනව නිදහස් වූ ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකු අද (03) යළි දිවයිනට පැමිණ තිබේ.
මුරුගන් (53), රොබට් පායාස් (53) සහ ජයකුමාර් (62) යන තිදෙනා අද පෙරවරුවේ ඉන්දියාවේ චෙන්නායි නුවරින් පිටත්ව පෙරවරු 11.30ට පමණ කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපළ වෙත ළඟා වී තිබිණි.
ඔවුන් සිරගතව සිටියදී “සතුටුදායක හැසිරීම්” පෙන්නුම් කළ බව පවසා ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 2022 වසරේ නොවැම්බරයේදී ඔවුන් නිදහස් කර තිබිණි.
බන්ධනාගාරයෙන් නිදහස් වූ පසු, ඔවුන් රඳවාගෙන සිටි තිරුචිරප්පල්ලිහි විශේෂ කඳවුරේ සිට අද උදෑසන පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් ඔවුන් තිදෙනා චෙන්නායි අන්තර්ජාතික ගුවන්තොටුපළ වෙත රැගෙනවිත් තිබිණි.
මොවුන්ගේ නැවත පැමිණීමට පහසුකම් සලසමින් ශ්‍රී ලංකාව විසින් ඔවුන්ට මෑතකදී විදේශ ගමන් බලපත්‍ර ලබා දී තිබිණි.
නිදහස ලැබූ අයගෙන් එක් අයකු වන මුරුගන් ඉන්දියානු පුරවැසියකු වන නාලිනී සමඟ විවාහ වී ඇත.
නාලනී සිය සැමියා සමඟ ගුවන් තොටුපළ වෙත පැමිණ සිටි අතර ඇය මෙන්ම මුරුගන් ද අපේක්ෂාවෙන් සිටින්නේ එක්සත් රාජධානියේ සිටින දියණිය සමග එක්වීමටයි.
මේ නිසා මුරුගන් සමග නාලනී මෙරටට නොපැමිණි බව වාර්තා වේ.
නැසීගිය අගමැතිවරයාගේ වැන්දඹුව වන කොන්ග්‍රස් නායිකා සෝනියා ගාන්ධිගේ මැදිහත්වීමකින් මීට දශක තුනකට පෙර නාලනීට ජීවිතය බේරා ගැනීමට හැකිවිය.
ඒ ඇයට සහ අනෙක් අයට මරණ දණ්ඩනය නියම වීමේ දී ඇය ගැබ්ගෙන සිටි බව හෙළිවීම හේතුවෙනි.
ඇයට උපන් දියණිය ඇගේ ඥාතීන් සමග දැන් එක්සත් රාජධානියේ ජීවත්වන අතර දියණිය මේ වනවිට වෛද්‍යවරියක් ලෙස කටයුතු කරයි.
නාලනී තම දියණිය සමඟ එක්වීම සඳහා වීසා ලබා ගැනීමට උත්සාහ කර තිබිණි.
මුරුගන් මේ වනවිට ශ්‍රී ලංකාවට පැමිණ සිටින නිසා ඔහුගේ වීසා ඉල්ලීම් කොළඹින් සිදුකරන බව නාලනීගේ සොහොයුරා ප්‍රකාශ කර තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart