
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
වසර ගණනාවකට පසු එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව නිසා ඇති වූ ගංවතුර තත්වය නිසා, එරට සාජා නුවර භූගතව ඇද තිබූ විදුලි රැහැන් පද්ධතිය තුළින් විදුලිය කාන්දු වී, විදුලිසැර වැදී මියගිය ශ්‍රී ලාංකික සේවිකාවක වන ජයමිණි සදමාලි විජේසිංහගේ සිරුර අද (03) අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබිණි .
කළුතර, මතුගම පදිංචි 26 හැවිරිදි ජයමිණි සදමාලි විජේසිංහ අවිවාහක තරුණියකි.
ඇය මතුගම සී.ඩබ්ලිව්.ඩබ්ලිව්.කන්නන්ගර මධ්‍ය මහා විද්‍යාලයේ ගණිත අංශයෙන් උසස් පෙළ හදාරා සිටි ශිෂ්‍යයාවකි .
ඇය සිය සහෝදරයෙකුගේ මාර්ගයෙන් සාජ්හි සන්නිවේදන ආයතනයක පිළිගැනීමේ නිලධාරිනියක ලෙස මාස 11ක කාලයක් සේවය කරමින් සිටියාය .
ඉකුත් මාර්තු මස 09 දින රාත්‍රී 09.30 ට පමණ ඇය නැවතී සිටි නේවාසිකාගාරයේ සිට එහි ඉදිරිපිට පිහිටි වෙළෙඳසැළ වෙත යෑමට පැමිණ තිබිණි .
ඒ වනවිට වසර ගණනාවකට පසුව එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත ඇදහැළුණු ධාරානිපාත වර්ෂාව නිසා සාජා නුවර ද ගංවතුර ආපදා තත්වයක් ඇති වී තිබිණි .
ඇය සේවය කළ සාජා නුවර ද භූගතව විදුලි රැහැන් පද්ධතිය ඇද තිබූ අතර, මෙම ගංවතුර තත්වයත් සමග මෙම විදුලි පද්ධතිය කාන්දුවීමට පටන්ගෙන තිබේ .
මේ බැව් නොදත් ජයමිණි සදමාලි විජේසිංහ ද මෙම ගංවතුරට බසිත්ම, විදුලිසැර වැදීමට ලක්වී තිබිණි .
ඒ වනවිටත් ඊජිප්තු ජාතිකයන් දෙදෙනෙකුට, බංග්ලාදේශ ජාතිකයකු සහ පිලිපීන ජාතිකයකු ද මේ ආකාරයටම මෙම ස්ථානයේ විදුලිසැර වැදී මියගොස් තිබේ .
ජයමිණිට විදුලිසැර වැදීමෙන් පසු ඒ අවට පිරිසක් මේ පිළිබඳ දැනුම්දීමෙන් පසුව ආරක්ෂක අංශ එම ස්ථානයට පැමිණ, එම ප්‍රදේශයේ ගමනාගමන කටයුතු අත්හිටූවා ආරක්ෂිත පියවර ගැනීමට පියවර ගෙන තිබේ .
ජයමිණි සදමාලි විජේසිංහගේ සිරුර භාරගැනීමට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ඇයගේ වැඩිමහල් සොහොයුරු මේ පිළිබඳව අදහස් දක්වමින් , තමන් ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලයේ විදුලි කාර්මික නිලධාරීවරයකු බවත්, මෙම භූගත විදුලි බල පද්ධතිය ස්වයංක්‍රීයව අක්‍රීය වී නොතිබීම සහ එම පද්ධතිය ගංවතුර ආපදා තත්වය තුළ දී අක්‍රීය කිරීමට පියවර නොගැනීම පිළිබඳ සජා නුවර එරට විදුලි බල මණ්ඩලය වෙත චෝදනා ඉදිරිපත් කළේය .
තමන් ඩුබායි හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලයෙන් මේ පිළිබඳව විමසූ අවස්ථාවේ විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් මේ පිළිබඳව විමසන ලෙස තමන්ව දැනුවත් කළ බව හෙතෙම පැවැසීය .
ජයමිණි සේවය කළ ආයතනය මෙම මළ සිරුර ශ්‍රී ලංකාවට එවීම සදහා බරපැන දරා තිබූ අතර තවත් ඩිරාම් 4,000ක් ද එවා තිබූ බව ද එම සොහොයුරා පැවැසීය.(දිනමිණ)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart