
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පකිස්තානය මුහුණ පා සිටින දේශපාලන හා ආර්ථික අර්බුධ හමුවේ එරට කාන්තාවන් අනාරක්ෂිත තත්ත්වයට පත්වීම හා ගැහැණු ලමුන්ගේ අධ්‍යාපනය කඩාකප්පල්වීම සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබේ.
එබැවින් පකිස්තාන වැසියන් සිය පවුල් තුළ සිටිනා ගැහැණු ළමුන් අඩු වයසේදිම විවාහ කර දීමට පෙළඹී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
පකිස්තානය තුළ සිදුවූ එවැනි විවාහ හේතුවෙන් 631,000 කට අධික ශිෂ්‍යාවන් සංඛ්‍යාවකට පාසල් නොයෑමට හෝ අධ්‍යාපනය අතරමගදී අතහැර දැමීමට සිදුව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
සම වයස්වල පසුවන මිතුරු මිතුරියන් සමග උද්‍යානවල සහ ගං ඉවුරුවල නිදහසේ කාලය ගත කළ යුතු බාලවයස්කාර දැරියන් පකිස්තානය තුළ පවුල්බර කරට ගෙන කටයුතු කරමින් සිටියි.
නවතම වාර්තා අනුව පකිස්තානය තුළ වසරකදී ළමා විවාහ ලක්ෂ 6කට අධික ප්‍රමාණයක් සිදු වේ.
එහි ප්‍රතිඵලය වන්නේ පකිස්තානය මිලියන 19කට ආසන්න ළමා මනාලියන්ගේ නිවහන වී ඇත තිබීමයි.
එරට සෑම තරුණ කාන්තාවන් 6 දෙනෙකුන් 1 අයෙකු ළමා වියේදී විවාහ දිවියට ඇතුළත් වී ඇතැයි අනාවරණ වී ඇත.
පකිස්ථාන ජනගහන සෞඛ්‍ය සමීක්ෂණය 2017-18 වාර්තා පෙන්වා දෙන්නේ පාකිස්ථානයේ ගැහැණු ළමුන්ගෙන් සියයට 13.5 ක් සහ පිරිමි ළමුන්ගෙන් සියයට 2.6 ක් ළමා විවාහවල වින්දිතයින් බවට පත්ව ඇති බවයි.
සමීක්‍ෂණයට අනුව එම කාලය තුළ පකිස්තානයේ ගැහැනු ළමයින්ගෙන් සියයට 3.6ක් වයස අවුරුදු 15ට පෙර විවාහ වී තිබේ.
තවත් සියයට 18.3 ක් විවාහ වී ඇත්තේ වයස අවුරුදු 18 ට පෙරයි.
2017 – 18 කාලය තුළ ළමා විවාහ අනුපාතය සියයට 23 ක් බව සඳහන්.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart