
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
වංචාකරුවකුට හසුව ඩොලර් දහස් ගණනක් අහිමි කරගැනීමට ගිය කාන්තාවක් එම වංචාවෙන් මුදාගැනීමට ඕස්ට්‍රේලියානු ජාතික බැංකුවේ මෙල්බර්න් ශාඛාවේ සේවය කරන ශ්‍රී ලාංකිකයකු සමත්ව තිබේ.
එම කාන්තාව ඕස්ට්‍රේලියානු ජාතික බැංකුවට ගොස් ඇත්තේ තම පෙම්වතා බව කියන විදේශගත පුද්ගලයකුට මුදල් යොමුකිරීම සඳහාය.
එහෙත් එම බැංකුවේ සේවකයකු සහ පාරිභෝගික උපදේශකයකු වන ඩිලාන් පතිරන්නහලගේට ඒ සම්බන්ධයෙන් සැක මතුවී තිබේ.
වයස අවුරුදු 60ක් පමණ වූ මෙම කාන්තාවට බැංකුවට ගිය පසු මුදල් යැවීමේ කටයුතු සඳහා සහාය අවශ්‍ය වී තිබිණි.
සහය ලබාදීම සඳහා ඉදිරිපත් වූ ඩිලාන්ට සැක මතු වී තිබුණේ ලබන්නාගේ වාසගම තමන් නොදන්නා බව ඇය පැවසීමත් සමගය.
ඒ අනුව, මේ සම්බන්ධයෙන් වැඩිදුර සොයාබැලීමට ඩිලාන් තීරණය කර තිබේ.
මුදල් යවන්නාගේ නම සොයාගැනීම සඳහා කාන්තාව සිය කෙටි පණිවුඩ ඩිලාන්ට පෙන්වා ඇති අතර එම පණිවුඩ ඉතා ආදරණීය සහ රවටනසුළු වීම මත ඩිලාන් වඩාත් විචක්ෂණශීලී වී තිබේ.
කෙසේවෙතත්, එම කාන්තාව දැඩි ලෙස පවසා සිට ඇත්තේ වෛද්‍ය ප්‍රතිකාර සඳහා එම මුදල් තම ‘පෙම්වතා’ වෙත යැවීමට අවශ්‍ය බවයි.
සමාජ මාධ්‍ය ඔස්සේ හමු වූ ඇගේ පෙම්වතා තුර්කියේ ජීවත් වන බවත් ප්‍රතිකාර සඳහා ඔහුට එක්සත් රාජධානියට පියාසර කිරීමට අවශ්‍ය බවත් ඇය ඩිලාන්ට පවසා ඇත.
එහෙත් ඔහුගේ ගිණුම අත්හිටුවා ඇති නිසා ඇයගේ මුදල් යොමුකිරීමට නොහැකි වී ඇත.
ඒ අනුව, ඩිලාන් දැනුම් දී ඇත්තේ ඕස්ට්‍රේලියාවේ සිටින ඔහුගේ මිතුරකුට මුදල් යැවීම සඳහා පෙම්වතා සම්බන්ධ කර ගන්නා ලෙසයි.
එවැනි මිතුරකු සම්බන්ධයෙන් තොරතුරු සොයාගැනීමටද නොහැකි වීම නිසා මෙය වංචාවක් විය හැකි බවට ඔහු කාන්තාවට අනතුරු අඟවා තිබේ.
“මම කිව්වා ‘මම ඔබ නම් මම කවදාවත් මේක කරන්නේ නැහැ. මම විශ්වාස කරනවා ඔබ වංචාවට ලක්වෙනවා කියලා,” යනුවෙන් ඔහු ප්‍රකාශ කර ඇත.
පසුව විමර්ශනය කිරීම සඳහා ඔහු බැංකුවේ වංචා පිළිබඳ සොයන කණ්ඩායම ද සම්බන්ධ කර ගත්තේය.
“මේ වගේ වෙලාවක ගනුදෙනුකරුවන් අපව දකින්නේ ඔවුන්ගේ මුදල් අහිමි වීමෙන් ආරක්ෂා කරන කෙනෙකු ලෙස නෙවෙයි. ඔවුන්ගේ හදවත බිඳදමන අයකු ලෙසයි” යනුවෙන් ඩිලාන් ප්‍රකාශ කළේය.
කෙසේවෙතත් වංචාවෙන් ඇයව බේරාගැනීමට ඩිලාන් මැදිහත් වීම ගැන පසුව ඇය ස්තුතිය පළකර ඇත.
ඕස්ට්‍රේලියානු ජාතික බැංකුවේ දත්ත වාර්තා පෙන්වා දෙන්නේ ප්‍රේම සම්බන්ධ වංචා පිළිබඳ පැමිණිලි පසුගිය වසරේ සිට සියයට 30කින් පමණ ඉහළ ගොස් ඇති බවයි.
ආදර සහ මිත්‍රත්ව වංචා හේතුවෙන් ඕස්ට්‍රේලියානුවන්ට පසුගිය වසරේ දී ඩොලර් මිලියන 33ක් අහිමි වූ බව මේ සම්බන්ධයෙන් සමීක්ෂණය කළ Scamwatch ඇස්තමේන්තු කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart