April 2, 2024

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ ඉගෙනුම ලබන සිසුවකු පැණිදෙණිය ප්‍රදේශයේදී දුම්රියක ගැටීමෙන් මියගොස් ඇති බව පේරාදෙණිය පොලිසිය පවසයි.

මෙලෙස මරණයට පත්ව ඇත්තේ වාද්දුව ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර ඔහු පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ තුන්වන වසරේ ඉගෙනුම ලබමින් සිට ඇත.

ඔහු හෙඩ්ෆෝන් යුගලයක් පැළඳ දුම්රිය මාර්ගයේ ගමන් කරමින් සිටියදී නාවලපිටිය – මහනුවර දුම්රියේ ගැටී ඇති බව වාර්තා වේ.