
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
නීතිවිරෝධී ලෙස බලපත්‍රයක් නොමැතිව මාතර නගරයේ පවත්වා ගෙන ගිය සම්බාහන මධ්‍යස්ථාන පරීක්ෂාවට ලක්කළ මාතර පොලිසිය හා ආයුර්වේද වෛද්‍යවරු කණ්ඩායමක් ඒවායේ සේවය කළ තරුණියන් 12 දෙනෙකු හා කළමනාකරුවකු සැකපිට අත්අඩංගුවට ගෙන ස්පා මධ්‍යස්ථාන 05 වසාදැමීමට ඊයේ (31) කටයුතු කළහ.
තවද එම ස්පා ආයතනවල ආයුර්වේද නම සඳහන් කර තිබූ සියලුම බැනර්, කටවුට් හා ස්ටිකර් ගලවා ඉවත් කිරීමට ද ඔවුහු කටයුතු කළහ.
සැකපිට අත්අඩංගුවට ගත් තරුණියන් ගාල්ල, කෑගල්ල, කොළඹ, පුත්තලම, අනුරාධපුර, පොළොන්නරුව, මොරටුව, බේරුවල, හම්බන්තොට, අම්පාර, මොනරාගල, තිස්ස ආදී ඈත දුර බැහැර ප්‍රදේශවල පදිංචි අවුරුදු 22 ත් 30 ත් අතර අය වන බව පොලිසිය කියයි.
ඔවුන්ට සමාජ රෝග වැළදී ඇත්දැයි පරීක්ෂා කිරීම මෙම මෙහෙයුමේ ප්‍රධානතම අරමුණක් වූ බවද උසස් බව පොලිස් නිලධාරියෙක් පැවැසීය.
එම නිසා ඔවුන් සම්බන්ධයෙන් සමාජ රෝග වාර්තාවක් කැඳවීමට පියවර ගන්නා බවද ඔහු වැඩිදුරටත් කීය.
විශේෂයෙන්ම මීගමුව ප්‍රදේශයෙන් ඒඩ්ස් ආසාදිත තරුණියන් දෙදෙනකු හමුවීමත් සමග එම ආයතන වැටළීමට පියවර ගෙන තිබිණි.
ඊට අමතරව පසුගියදා මාතර වල්ගම ප්‍රදේශයේ ස්පා මධ්‍යස්ථානයකදී සේවිකාවකට අමානුෂික ලෙස පහරදීමේ සිද්ධියක් ද වාර්තා වූ අතර, ඒ සම්බන්ධයෙන් එම ස්පා මධ්‍යස්ථානයේ කළමනාකරු හා සේවිකාවන් 04 දෙනකු පොලිසිය අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත්කර ඇත.(ලංකාදීප)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart