March 29, 2024

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව පසුගියදා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අප්‍රේල් 4 වැනිදා ප්‍රකාශයක් ලබාදෙන ලෙස මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට නියෝග කර තිබේ.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සිදු කළේ කවුරුන්ද යන්න පිළිබඳව තමා දන්නා බවට මෛත්‍රීපාල සිරිසේන පසුගියදා ජනමාධ්‍ය හමුවේ ප්‍රකාශයක් සිදුකළේය.

අනතුරුව එම ප්‍රකාශය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහුගෙන් ප්‍රශ්න කිරීමක්ද සිදුකෙරිණි.