March 25, 2024

‘තෙවැනි පෙරමුණ’ නම් තවත් නව පෙරමුණක් නිර්මාණය කිරීමේ කටයුතු මේ දිනවල සිදුවෙමින් පවතින බව වාර්තා වේ.

අප්‍රේල් 5 වැනිදා මහරගම ජාතික යොවුන් මධ්‍යස්ථානයේ දී මෙම නව පෙරමුණ එළිදැක්වීමට නියමිතය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් බිඳීගිය කණ්ඩායම් සහ සමාන අදහස් ඇති පිරිස් එකතු වී මෙම පෙරමුණ පිහිටුවීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ.

සිය දෙවැනි සංවත්සරය සනිටුහන් කරන උත්තර ලංකා සභාගය විසින් මෙම පෙරෙමුණ නිර්මාණය කිරීමේ පෙරමුණ ගෙන ඇති බව පැවැසේ.