March 25, 2024

දේශීය කිරිපිටි මිල අඩුකිරීමට කිසිදු පියවරක් ගෙන නොමැති බව දේශීය කිරිපිටි නිෂ්පාදකයන්ගේ සංගමය පවසයි.

දේශීය කිරිපිටි මිල අඩුකිරීම දේශීය කිරි ගොවීන්ට අහිතකර බලපෑමක් ඇතිකළ හැකි බව එම සංගමය සඳහන් කළේය.

ඊට පිළියමක් ලෙස, ආනයනික කිරිපිටි මිල අඩුකරමින් පාරිභෝගික ගැටලු විසඳීමට වෙළඳ අමාත්‍යංශය මැදිහත් වී ඇත.

ඒ අනුව ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ආනයනික කිරිපිටි කිලෝග්‍රෑමයක් රුපියල් 150කින් අඩුකරන බව අමාත්‍යංශය නිවේදනය කළේය.

මීට අමතරව ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 60කින් පහළ දමා තිබේ.