
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණ අතරින් පළමුව පැවැත්විය යුත්තේ කුමන මැතිවරණයද යන්න පිළිබඳ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය තවමත් එකඟතාවකට පැමිණ නොමැති බව වාර්තා වේ.
ජනාධිපතිවරණයට පෙර පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්විය යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයා ද වන හිටපු ජනාධිපති සහ වත්මන් ආණ්ඩුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ පසුගියදා ප්‍රකාශ කර තිබිණි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් පවසන්නේ, පළමුව පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්විය යුතු බව ඔවුන්ගේ අදහස බවයි.
“පළමුව ජනාධිපතිවරණය පැවැත්වුවොත් යම් අපේක්ෂකයෙක් ජයග්‍රහණය කරනවා. අනෙක් පක්‍ෂ ප්‍රතිපත්ති කුමක් වුවත් ජනතාව ඔහු වෙත වෙත සහ ඔහුගේ පක්‍ෂය වෙත නැඹුරු වේවි. එය දේශපාලන විකෘතියක්. කෙසේවෙතත් පළමුව පාර්ලිමේන්තු මැතිවරණය පැවැත් වූ විට ජනතාවට පක්ෂවල ප්‍රතිපත්ති සළකා බලා ඡන්දය දෙන්න පුළුවන්.” යැයි ඔහු පැවසීය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙන් පාර්ලිමේන්තුව විසුරුවා හරින ලෙස ඉල්ලා පාර්ලිමේන්තු යෝජනාවක් ඉදිරිපත් කිරීමට නියමිත බවට පැතිර යන මත සම්බන්ධයෙන් ඔහු පැවසුවේ ඒ පිළිබඳ මෙතෙක් සාකච්ඡා කර නොමැති බවයි.
“පළමුව පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම හොඳයි කියලා අපි හිතනවා විතරයි. අපි කිසිම යෝජනාවක් ඉදිරිපත් කරන්න තීරණය කරලා නැහැ. පක්‍ෂය ඇතුළේ සාකච්ඡා කරලා එවැනි තීරණයක් ගන්න වෙනවා.” යනුවෙන් ඔහු පැවසීය.
මේ අතර එක්සත් ජාතික පක්ෂ මහලේකම් සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර පවසන්නේ, “පළමුව පැවැත්විය යුත්තේ ජනාධිපතිවරණයයි” යනුවෙනි.
ජනාධිපතිවරණය ප්‍රථමයෙන් පැවැත්වීමේ ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙළට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තුළ සිටින මන්ත්‍රීවරුන් පිරිසක් සහාය පළකරන බව දැනගන්නට ඇත.
මෙම වසරේ ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණ යන දෙකටම රජය පහසුකම් සපයන බව පසුගිය වසරේ අගභාගයේදී ජනාධිපති වික්‍රමසිංහ ප්‍රකාශ කළ නමුත් ජනාධිපති මාධ්‍ය අංශය පසුගියදා ප්‍රකාශ කළේ ජනාධිපතිවරණය මේ වසරේ පැවැත්වෙන බවත් 2025 වසරේ පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වෙන බවත්ය.
පළමුව පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්විය යුතු බවට වන පක්ෂයේ මතය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ පසුගියදා පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා වෙත දන්වා ඇති බව ද වාර්තා විය.
ජනාධිපතිවරයා සහ පාලක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර වර්ධනය වන බෙදීම පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් සිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ රැස්වීමක් මේ සතියේ පැවැත්වීමට නියමිතව තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart