March 24, 2024

වැල්ලවත්ත NOLIMIT සාප්පු සංකීර්ණයේ අද සවස ගින්නක් හටගත් බව කොළඹ ගිනි නිවීමේ ඒකකය පවසයි.

ගින්න මැඩපැවැත්වීම සඳහා කොළඹ මහ නගර සභාවට සහ දෙහිවල – ගල්කිස්ස මහ නගර සභාවට අනුයුක්ත ගිනි නිවන රථ එකොළහක් පිටත් කර යවා ඇති බව ඔවුහු පැවසූහ.

තත්ත්වය පාලනය කිරීමට පොලිසිය සහ ප්‍රදේශයේ ජනතාව ද සහය වෙමින් සිටින බවයි වාර්තා වන්නේ.

මේ අතර පවතින අධික උෂ්ණත්වය හේතුවෙන් වෙළඳසැලට ඇතුළුවීමට නොහැකි වූ බවයි ගිනි නිවන ඒකකය පැවසුවේ.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර, කිසිදු තුවාලයක් මෙතෙක් වාර්තා වී නොමැත.