March 24, 2024

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගෙන් හෙට දිනයේ ප්‍රකාශයක් ලබා ගැනීමට නියමිත බව වාර්තා වේ.

පාස්කු ඉරිදා ප්‍රහාර සම්බන්ධයෙන් ඔහු විසින් පසුගිය සිකුරාදා කරන ලද ප්‍රකාශය පිළිබඳ බොහෝ පාර්ශ්වවල අවධානය යොමු වූ අතර ඔහු අත්අඩංගුවට ගත යුතු බවට ද ඇතැම් පාර්ශ්ව ප්‍රකාශ කර තිබිණි.

ඒ අනුව අදාළ ප්‍රකාශය සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් සිදුකරන ලෙසට මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් පොලිස්පතිවරයාට නියෝග කරන ලදී.

එම නියෝගය පරිදි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මේ පිළිබඳ වහාම විමර්ශනයක් සිදුකරන ලෙසට නියෝග කර ඇත.

මේ අනුව හෙට දිනය ඇතුළතදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගෙන් මෙම ප්‍රකාශය ලබාගැනීමට නියමිත බව වාර්තා වේ.