
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සම්බන්ධ නඩුවකින් අගවිනිසුරු ජයන්ත ජයසූරිය ඉවත්වී තිබේ.
අගවිනිසුරු ජයන්ත ජයසූරිය මෙලෙස ඊයේ (21දා) ඉවත්වූයේ, අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු ලෙස පත්කිරීමට ජනාධිපතිවරයා කර තිබෙන නිර්දේශයන් කථානායකවරයා ප්‍රමුඛ ව්‍යවස්ථාදායක සභාව විසින් ප්‍රතික්ෂේප කිරීම තුළින් අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයාගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට නිගමනය කරන ලෙස ඉල්ලා නීතිඥ ඩී.එස්.එම්. පතිරත්න ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීමේ කටයුතුවලිනි.
මෙම පෙත්සම් විභාගයේ විනිසුරුවරයකු ලෙස තමා කටයුතු කිරීම නුසුදුසු බව පෙන්වා දෙමින් අගවිනිසුරුවරයා එම නඩු කටයුත්තෙන් ඉවත්වූයේ, විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු ලෙස පත්කිරීම සඳහා තමන් මීට පෙර ව්‍යවස්ථාදායක සභාවට නිර්දේශ ඉදිරිපත් කර ඇති බව සඳහන් කරමිනි.
අගවිනිසුරු ජයන්ත ජයසූරිය හා කුමුදුනී වික්‍රමසිංහ, ජනක් ද සිල්වා යන විනිසුරු මඬුල්ල හමුවේ ඊයේ කැඳවනු ලැබූ එම පෙත්සම ලබන 28 දින නව විනිසුරු මඬුල්ලක් ඉදිරියේ කැඳවන ලෙසද අගවිනිසුරුවරයා නියෝග කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart