March 22, 2024

කාන්තාවන් සම්බන්ධයෙන් ලිංගිකව එක්වීමේ වයස අවුරුදු 14 දක්වා අඩුකිරීමට රජය ගෙන ඇති තීරණය සමාලෝචනය කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද රජයෙන් ඉල්ලා සිටියේය.

“ආණ්ඩුවේ තීරණය සමාලෝචනය කරන ලෙස ශ්‍රී ලාංකික කාන්තාවන්ගෙන් ප්‍රබල ඉල්ලීමක් තිබෙනවා” යැයි සජිත් ප්‍රේමදාස පැවැසීය.

දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කිරීමට නියමිතව ඇත්තේ ලිංගිකව එක්වීමේ වයස අවුරුදු 14 දක්වා අඩු කිරීමටත්, ස්ත්‍රී පුරුෂ අපයෝජනයට අදාළව එකම නීතියක් ඇති කිරීමටත්ය.