
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
දෙරට අතර පවතින මතභේදාත්මක තත්ත්වය උත්සන්න කරමින් තායිවානය චීනයට දැඩි විරෝධයක් එල්ල කර තිබේ.
ඊට හේතු වී ඇත්තේ සංචාරකයින් පිරිසක් රැගත් තායිවාන යාත්‍රාවකට චීනයේ වෙරළාරක්ෂක භටයින් බලහත්කාරයෙන් ඇතුළු වීමයි.
තායිවානයට අයත් කින්මෙන් දූපත ආසන්නයේදී මෙම සිදුවීම වාර්තා වේ.
තායිවාන මාධ්‍ය වාර්තා අනුව කාර්ය මණ්ඩල සාමාජිකයින් 11 දෙනෙකු සහ මගීන් 23 දෙනෙකු රැගත් තායිවාන යාත්‍රාව චීන වෙරළාරක්ෂක භටයින් විසින් විනාඩි 32 ක පමණ කාලයක් නවතාගෙන සිටි බවයි.
අනතුරුව ඔවුන් පිටව ගිය පසු තායිවානයේ වෙරළාරක්ෂක භටයින් සංචාරකයි රැගත් එම යාත්‍රාව නැවතත් Kinmen දූපත වෙත රැගෙන ගිය බව තායිවාන මාධ්‍ය වාර්තා කර තිබේ.
තායිවානයේ සාගර කටයුතු කවුන්සිලයේ අමාත්‍ය ක්වාන් බි-ලින්ග් චීනයේ මෙම ක්‍රියාකලාපය හෙළා දැක තිබේ.
ඔහු මාධ්‍ය හමුවේ කියා සිටියේ මෙම සිද්ධිය තායිවාන ජනතාවගේ හැඟීම් රිදවන බවයි.
එමෙන්ම චීනයේ ක්‍රියාකලාපය තායිවාන ජනතාව අතර භීතිය ඇති කළ බවත්, තායිවාන සමුද්‍ර සන්ධිය දෙපස සිටින ජනතාවගේ යහපතට හේතු නොවන බවත් ඔහු පවසා ඇත.
කින්මෙන් දූපතේ නීත්‍යානුකූල අයිතිය තායිවානය සතුව තිබුණ ද චීනය මෑතක සිට ඒ සඳහා බලපෑම් එල්ල කරමින් සිටී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart