
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයාගේ ප්‍රධානත්වයෙන් පිහිටුවාගත් නව දේශපාලන සන්ධානය පිටුපස ශ්‍රී ලංකාව තුළ සිය බලය ව්‍යාප්ත කිරීමට උත්සාහ කරමින් සිටින බලවත් රාජ්‍යයක් සිටින බව දේශපාලන ආරංචි මාර්ග අනාවරණය කරයි.
පසුගිය වකවානුවේ අදාළ රාජ්‍යය මෙරට දේශපාලන පක්ෂ ගණනාවක් සමග සිය න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීමට උත්සාහ කළ නමුත්, එම සැලසුම් සම්පුර්ණයෙන් ක්‍රියාත්මක කිරීමට හැකියාව ලැබී නැති බව පැවැසේ.
ඒ අනුව, ශ්‍රී ලංකාවේ සිය භූ-දේශපාලන ව්‍යාපෘතියට හුදෙකලාව දායකත්වය ලබාදෙන කුඩා කණ්ඩායම් කිහිපයක් ඒකරාශී කරගෙන, දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා පෙරට දමා, මෙම නව සන්ධානය පිහිටුවීමට අදාළ රාජ්‍යය අනුග්‍රහය ලබාදී ඇති බව වාර්තා සඳහන් කරයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකරගේ නායකත්වයෙන් යුත් ‘මානුෂීය ජනතා සන්ධානය’ නම් මෙම නව දේශපාලන ව්‍යාපෘතියේ සමාරම්භක උත්සවය ඊයේ බදාදා කොළඹ 7 පිහිටි අන්තර්ජාතික සබඳතා සහ අධ්‍යයන කටයුතු පිළිබඳ ලක්ෂ්මන් කදිරගාමර් ආයතනයේ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
මෙම සන්ධානයට අදාළ අවබෝධතා ගිවිසුම අත්සන් කරනු ලැබුවේ සර්වාගමික අශිර්වාදයන්ගෙන් අනතුරුව, සන්ධානයේ සාමාජිකයන් වන පක්ෂ 20 සමඟයි.
එම පාර්ශව අතර, ප්රජාතන්ත්රවාදී ජනතා කොංග්‍රසය, ලංකා පොදුජන පක්ෂය, එක්සත් කොංග්රස් පක්ෂය, ජාතික පෙරමුණ, එක්සත් ප්රජාතන්ත්රවාදී ජනතා පක්ෂය, නව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, මව්බිම ජාතික පෙරමුණ, අරුණළු ජනතා පෙරමුණ, ශ්‍රී ලංකා මහජන ජාතික පක්ෂය, නව ප්රජාතන්ත්රවාදී ජනතා පෙරමුණ, එක්සත් ජනතා පෙරමුණ, නව කම්කරු විමුක්ති පෙරමුණ, ප්රජාතන්ත්රවාදී එක්සත් ජනතා පෙරමුණ, එක්සත් ලංකා ජාතික පෙරමුණ, ශ්‍රී ලංකා ජනතා පෙරමුණ, ප්රගතිශීලී වාමාංශික පෙරමුණ, එක්සත් ප්රජාතන්ත්රවාදී පෙරමුණ, නව ප්රජාතන්ත්රවාදී එක්සත් පෙරමුණ සහ එක්සත් කම්කරු පෙරමුණ වේ.
මෙම අවස්ථාවට ප්‍රධාන දේශපාලන පක්ෂවල ප්රමුඛ පෙළේ නායකයෝද සහභාගි වූහ.
සමගි ජන බලවේගයේ ප්‍රධාන ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර, දෙමළ ප්රගතිශීලී සන්ධානයේ උප සභාපති පලනි දිගම්බරම්, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ සභාපති රාහුෆ් හකීම්, පිවිතුරු හෙළ උරුමයේ සභාපති උදය ගම්මන්පිල, ජාතික නිදහස් පෙරමුණේ සභාපති විමල් වීරවංශ, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් තිලංග සුමතිපාල, පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක අබේසිංහ ඇතුළු පිරිසක් ඒ අතර වූහ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart