
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
යුද සමයේ උතුරේ හමුදාව අත්පත් කර ගත් ඉඩම් මුදාහරින ලෙස ඉල්ලමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත තැපැල්පත් යොමු කිරීමේ වැඩසටහනක් යාපනය, පලාලි – මාවෙට්ටුපුරම්හි දී අද (21) ආරම්භ විය.
“අපේ අඩම් අපට ලබාදෙන්න-ඉඩම් අහිමිවූ ජනතාවගේ හඬ” නමින් සඳහන් තැපැල්පත් යොමු කිරීමේ මෙම වැඩසටහන සංවිධානය කර තිබුණේ මන්නාරම සමාජ ආර්ථික සංවර්ධන ආයතනය විසිනි.
මෙම අවස්ථාවට ඉඩම් අහිමි වූ පවුල්වල සාමාජිකයෝ විශාල පිරිසක් සහභාගී වූහ.
මේ අතර ජනතාවට අහිමි කළ ඉඩම් කුඩා කොටස් වශයෙන් ඉදිරියේදී පැවැත්වීමට නියමිත ප්‍රධාන මැතිවරණ ඉලක්ක කරගනිමින් නැවත පැවරීමේ ප්‍රචාරක වැඩසටහන් රැසක් ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිත බව වාර්තා වේ.
ගුවන් හමුදාව විසින් අත්පත් කරගෙන සිටින ජනතාවගේ ඉඩම් කොටසක් ඒ යටතේ හෙට (22) ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් නැවත බාරදීමට නියමිතය.
ඊට සමගාමීව දකුණේ ජනතාව තාවකාලිකව පදිංචි කර සිටි ඉඩම් සඳහා ද සින්නක්කර ඔප්පු ලබාදීමේ වැඩසටහනක් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart