
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉන්දියාවේ ආරක්ෂක කර්මාන්තය කැරිබියන් දූපත් වෙත ව්‍යාප්ත වෙමින් ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.
ඒ අනුව ගයානා රාජ්‍යය එරට හමුදාවට අති නවීන ගුවන් යානා ද්විත්වයක් මිලදී ගැනීමට කටයුතු කරමින් සිටින බව එම වාර්තා අනාවරණ කරයි.
ඒ සඳහා ගයානා රාජ්‍යය, ඉන්දියාවේ අපනයන -ආනයන බැංකුවෙන් ඩොලර් මිලියන 23.27 ක ණයක් ලබා ගෙන ඇතැයි ද සඳහන්.
අදාළ ණය පහසුකම සඳහා දෙපාර්ශවය අතර ගිවිසුම් අත්සන් කිරීම ඉකුත් දා සිදු කෙරුණි.
ගයානාවේ මුදල් අමාත්‍යවරයා සහ ඉන්දියාවේ අපනයන – ආනයන බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා එම ගිවිසුමට අත්සන් කර තිබේ.
ඒ අනුව ඉන්දියාව ඕනෑම කැරිබියන් කලාපීය රටක් සමඟ අත්සන් කළ පළමු ආරක්ෂක ණය පහසුකම් ගිවිසුම එය බව විදෙස් මාධ්‍ය පවසයි.
විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පැවසුවේ ගිවිසුම් ප්‍රකාරව ගයානාව ඉන්දියාවේ Hindustan Aeronautics Limited වෙතින් Dornier 228 වර්ගයේ ගුවන් යානා දෙකක් මිලදී ගැනීමට සැලසුම් කර ඇති බවයි.
එම ගුවන් යානා සමුද්‍ර මුර සංචාර සඳහා මෙන්ම, හමුදා කඳවුරු සඳහා වන සැපයුම් සහ අභ්‍යන්තර ස්ථානවලට භට පිරිස් ගමන් කිරීම සඳහා භාවිතා කරන බව සඳහන්.
ඊට අමතරව ගයානාව ඉන්දියාවෙන් රේඩාර් පද්ධති සහ සන්නද්ධ රථ මිලදී ගැනීමට ද සැලසුම් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart